වී අලෙවි මණ්ඩලය පළමුවරට වී මිල දී ගෙන එසේ මිල දී ගත් වී සහ සහල් වශයෙන් අලෙවි කිරීම මගින් වී අලෙවි මණ්ඩලය පසුගිය යල කන්නයේ වි මිල දී ගැනීම මගින් රුපියල් මිලියන 11ක ලාභයක් ඉපයීමට සමත්වී ඇත.
එමෙන්ම එම මණ්ඩලය විසින් යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා ලබා ගත් මුළු ණය මුදලම ගොවි බාරකාර අරමුදලට ගෙවීමට පියවර ගෙන තිබේ.
2023 යල කන්නයේ දී වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා රජයෙන් මුදල් ප්‍රතිපාදන ඉල්ලා සිටියද මුදල් අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ වී මිල දී ගැනීමට කටයුතු කිරීම නිසා වී අලෙවි මණ්ඩලයට වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන නොලැබුනි.
රජයේ බැංකු දෙකකින් ද වී මිල දී ගැනීමට ණය මුදලක් ඉල්ලා සිටියද වී අලෙවි මණ්ඩලය දීර්ඝ කාලයක් තිස්සේ රුපියල් බිලියන 24ක පමණ අලාභයක් වාර්තා කර තිබු නිසා එම ණය මුදල ද වී අලෙවි මණ්ඩලයට අහිමි විය. මේ නිසා කෙසේ හෝ ආහාර සුරක්ෂිතතා වැඩ සටහන යටතේ වී මිල දී ගැනීමට අවශ්‍යව තිබු බැවින් තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් ගොවි බාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 500ක ණයක් වී අලෙවි මණ්ඩලයට වී මිල දී ගැනීම සඳහා ලබා දෙන ලෙස කෘෂිකර්ම ලේකම්වරයාට උපදෙස් දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
එම ණය මුදලින් රුපියල් මිලියන 250ක වී මිල දී ගත් අතර ඉතිරි මුදලට වී ලබා ගැනීමට නොහැකි විය. වී කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 60- 65 වැනි මිලක තිබු අවස්ථාවක ගොවියාට ඉහළ මිලක් ලබා දීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලය වී කිලෝවක මිල රුපියල් 95ක් වශයෙන් මිල දී ගැනීමට පියවර ගත්තේය.
එහි ප්‍රතිපලයක් වශයෙන් පුද්ගලික අංශය විසින් රුපියල් 105ක් මිල යටතේ වී මිල දී ගැනීමට කටයුතු කළ නිසා ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකළේය.
එසේ මිල දී ගත් වී සහ සහල් වශයෙන් අලෙවි කිරීම මගින් වී අලෙවි මණ්ඩලය පසුගිය යල කන්නයේ වි මිල දී ගැනීම මගින් රුපියල් මිලියන 11ක ලාභයක් ඉපයීමට සමත්වී ඇත.
එමෙන්ම එම මණ්ඩලය විසින් යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා ලබා ගත් මුළු ණය මුදලම ගොවි බාරකාර අරමුදලට ගෙවීමට පියවර ගත්තේය. ඉන් අවසන් කොටස වන රුපියල් මිලියන 250ක මුදලට අදාල චෙක්පත අද(22) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා වෙත බාර දුන්නේය. මෙම අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා ද සහභාගි විය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මහා භාණ්ඩාගාරය විසින් ගොවි බාරකාර අරමුදලට රුපියල් බිලියන 04ක මුදලක් ගෙවීමට ඇති අතර එම මුදල් ලැබුනොත් මෙවර මහ කන්නයේ ද වැඩි වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය මගින් මිල දී ගැනීමට කටයුතු කරන බව ද ඒ අමාත්‍යවරයා සඳහන් කළේය.
වී අලෙවි මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත්වුනේ එම ආයතනයේ වරදින් නොව එක් එක් කාලවල පැවැති රජයන් විසින් ගන්නා ලද වැරදි තීන්දු තීරණ නිසා බවද අමාත්‍යවරයා මාධ්‍ය අමතමින් කීය.
රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සහ සහල් මිල සමතුලිතව පවත්වාගෙන යාමට රජයට අයත් ඒ සම්බන්ධව ක්‍රියාත්මක විය හැකි එකම ආයතනය වී අලෙවි මණ්ඩලය වන බැවින් මෙම ආයතනය ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් වන බව තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඉදිරියේ දී වී අලෙවි මණ්ඩලය යටතේ වී මිල දී ගන්නේ දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙවර මහ කන්නයේ දී වී අස්වනු මිල දී ගනු ලබන්නේ වී අලෙවි මණ්ඩලය මගින් නොව මුදල් අමාත්‍යාංශය විසින් බව ද කීය.