Monday, April 21, 2025
Home » වැටුප් – විදුලි බිලට රු. මිලි­යන 57ක් ඕනෑ
විදුලි බිල ගෙවන්න වෙලා

වැටුප් – විදුලි බිලට රු. මිලි­යන 57ක් ඕනෑ

ටව­ර්හෝල් අධ්‍යක්ෂ ජන­රාල් ඩී.එම්.එස්. දිසා­නා­යක

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්යා කරු­ණා­රත්න

2023 වසරේ සිට නොමිලේ විදු­ලිය ලබා­දීම අත්හි­ටුවා ඇති බැවින් අම­තර ලෙස රුපි­යල් මිලි­යන 57ක් විදුලි බලය සහ වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය බව ටව­ර්හෝල් අධ්‍යක්ෂ ජන­රාල් ඩී.එම්.එස්. දිසා­නා­යක මහතා පව­සයි.

2024 වසර අභි­යෝ­ගා­ත්මක වස­රක් බව පෙන්වා දුන් ටව­ර්හෝල් රඟ­හල පද­නමේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා ආය­ත­නයේ 2024 වසර සඳහා අපේ­ක්ෂිත ආදා­යම සහ විය­දම යන ද්විත්ව­යම රු. මිලි­යන 169.5ක් බව ද පැව­සීය. ටව­ර්හෝල් රඟ­හල 1992 වසරේ සිට විදුලි ගාස්තු ගෙවී­මෙන් නිද­හස් කර තිබුණ ද 2023 වසරේ සිට විදුලි බලය සඳහා ගෙවීම් කිරී­මට සිදුව ඇති බැවින් අම­තර මිලි­යන 57ක මුදල් ප්‍රමා­ණ­යක් විදුලි බලය සඳහා සහ වැටුප් ගෙවීම සඳහා යොදා ගැනී­මට සිදුව ඇති බව ද අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා පෙන්වා දුන්නේය. මේ අනුව එම මුදල් පද­නම විසින් උප­යා­ගත යුතු බවත් වැඩි­දු­ර­ටත් පෙන්වා දුන්නේය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ­කු­මාර මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන් පසු­ගි­යදා පාර්ලි­මේ­න්තු­වේදී රැස්වූ මාධ්‍ය, තාරුණ්‍ය, උරු­මය හා නූතන පුර­වැ­සියා පිළි­බඳ ආංශික අධී­ක්ෂණ කාරක සභා­වේදී ටව­ර්හෝල් රඟ­හල පද­නමේ ඉදිරි කට­යුතු පිළි­බඳ සාකච්ඡා විය.

ටව­ර්හෝල් රඟ­හල පද­නම මඟින් ක්‍රියා­ත්මක කරනු ලබන නාට්‍ය හා රංග­කලා පාසලේ කට­යුතු පිළි­බ­ඳව ද අව­ධා­නය යොමු විය. මේ වන විට දමිළ මාධ්‍ය­යෙන් ද පාඨ­මා­ලා­වක් ආරම්භ කිරී­මට හැකි වීමත් එය යාප­නය ඇතුළු ප්‍රදේ­ශ­වල වඩාත් ජන­ප්‍රිය වී ඇති බවත් පෙන්වා දුන්නේය. මෙම පාඨ­මාලා ඇතුළු පද­නමේ කට­යුතු සම්බ­න්ධ­යෙන් විධි­මත් ලෙස ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචා­ර­ණය ලබා දීමේ අව­ශ්‍ය­තාව ද මෙහිදී සාකච්ඡා විය. එහිදී මෙම රැස්වී­මට සහ­භාගි වූ තරුණ නියෝ­ජි­ත­යන් ද අද­හස් දැක්වූ අතර ඔවුන්ගේ සහාය ලබා ගැනී­මට අපේක්ෂා කරන බව ද නිල­ධා­රීහු පැව­සූහ.

ටව­ර්හෝල් රඟ­හල පද­න­මට අයත් සව්සි­රි­පාය ගොඩ­නැ­ඟි­ල්ලට අදා­ළව කර්මාන්ත සංව­ර්ධන අධි­කා­රිය (CIDA) සමඟ පැවති ගිවි­සුම 2016 වසරේ අව­සන් වුවද මේ වන තෙක් කිසිදු ගෙවී­ම­කින් තොරව ඉදි­කි­රීම් එම අධි­කා­රිය රැඳී සිටීම සම්බ­න්ධ­යෙන් ද මෙහිදී අව­ධා­නය යොමු විය. මේ හේතු­වෙන් ආය­ත­න­යට ආදා­ය­මක් ලැබී­මට ඇති අව­ස්ථාව මඟ­හැරී ඇති බව ද ටව­ර්හෝල් පද­නමේ නිල­ධා­රීහු පෙන්වා දුන්හ. මේ සම්බ­න්ධ­යෙන් නාග­රික සංව­ර්ධන හා ඉදි­කි­රීම් අමා­ත්‍ය­ව­ර­යාගේ අව­ධා­න­යට යොමු කරන බව කාරක සභා සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ­කු­මාර මහතා පැව­සීය.

ටව­ර්හෝල් පද­නම මඟින් සංවි­ධා­නය කරනු ලබන සමස්ත ලංකා පාසල් නාට්‍ය තර­ගා­ව­ලි­යේදී රංග­න­යට අම­ත­රව නිෂ්පා­දන කට­යුතු සියල්ල සිදු කිරී­මට ද සිසු දරු දැරි­යන්ට ඉදිරි තර­ගා­ව­ලියේ සිට අව­ස්ථාව ලබා දීමට තීර­ණය කර ඇති බව ද මෙහිදී අනා­ව­ර­ණය විය. මීට අම­ත­රව ජාතික ලේඛ­නා­ර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ වත්මන් කට­යුතු සහ ඉදිරි සැල­සුම් පිළි­බ­ඳව ද මෙහිදී අව­ධා­නය යොමු විය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන ජගත් කුමාර සුමි­ත්‍රා­ආ­රච්චි, නාලක බණ්ඩාර කෝට්ට­ගොඩ, සංජීව එදි­රි­මාන්න යන මහ­ත්වරු ද බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් සෝම­රත්න විදා­න­ප­ති­රණ මහතා ඇතුළු ටව­ර්හොල් රඟ­හල පද­නම සහ ජාතික ලේඛ­නා­ර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව නියෝ­ජ­නය කර­මින් නිල­ධා­රීහු පිරි­සක් ද මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT