Home » කොළඹ පිළිකා අව­දා­නම් කතුන්ට නගර සභා විය­ද­මෙන් ‘මැමෝ ග්‍රෑම්’

කොළඹ පිළිකා අව­දා­නම් කතුන්ට නගර සභා විය­ද­මෙන් ‘මැමෝ ග්‍රෑම්’

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

මැද කොළඹ සමූහ ආරි­ය­රත්න ගනේ­ගොඩ

කොළඹ මහ නගර සභා බල ප්‍රදේ­ශය තුළ ජීව­ත්වන කාන්තා­වන්ගේ පිය­යුරු පිළිකා සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ සිදු කිරී­මේදී එහිදී අව­දා­නම් සහිත කාන්තා­වන් හඳුනා ගත් පසු එම පිරිස නගර සභාවේ විය­ද­මින් ‘මැමෝ ග්‍රෑම්’ පරී­ක්ෂ­ණ­ය­කට අනෙ­කුත් පරී­ක්ෂ­ණ­යන් සඳහා නව­ලෝක රෝහල වෙත යොමු කිරී­මට අවශ්‍ය කට­යුතු සලසා දෙන මෙන් හිටපු නාග­රික මන්ත්‍රිනී චාමිකා පති­රණ මහ­ත්මිය නාග­රික සෞඛ්‍ය හා සනී­පා­ර­ක්ෂාව පිළි­බඳ ස්ථාවර කමි­ටු­වෙන් කරන ලද ඉල්ලීම පිළි­ගෙන ඇත.

චාමිකා පති­රණ හිටපු මන්ත්‍රී­ව­රි­යගේ ඉල්ලී­මට කොළඹ නග­රයේ වෙසෙන කාන්තා­වන්ගේ ගැබ් ගෙල පිළිකා වෙනු­වෙන් කාන්තා හා ළමා කට­යුතු පිළි­බඳ ස්ථාවර කමි­ටුව 2023 අය වැය සඳහා රු. බිලි­යන 05ක මුද­ලක් වෙන් කර ඇති බැවින් ඒ සඳහා නාග­රික පුණ්‍ය කොම­සා­රි­ස්ව­රි­යගේ ද අනු­මැ­තිය ලැබී ඇත.

මේ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බවත් නගර සභා සාය­න­ව­ලින් නිර්දේශ කරන ලද අව­දා­නම් සහිත කාන්තා­වන් මැමෝ ග්‍රෑම් පරී­ක්ෂණ සඳහා නව­ලෝක රෝහ­ලට ඉදිරි කට­යුතු කිරී­මට හැකි බව නාග­රික ප්‍රධාන වෛද්‍ය නිල­ධාරි රුවන් විජේ­මුණි මහතා පැවසූ බවත් පිළිකා සංග­මය හා එක­තුව මේ සම්බ­න්ධ­යෙන් ඉදිරි කට­යුතු සඳහා ප්‍රති­පා­දන වෙන් කර ඇති බව ස්ථාවර කමි­ටුවේ සභා­ප­තිනි හර්ෂණී සී. ජොති­රත්න මහ­ත්මිය ප්‍රකාශ කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT