කියවීම හා ක්‍රීඩාව නංවාලීම යන සබුද්ධි සංකල්පයට අනුව Òසබුද්ධි පොත් ගුලÓ සමාජ සත්කාරය 6 වැනි වරට, 2023 දෙසැම්බර් 20දා කොස්ගම සුමේධ විද්‍යාලයේදී සිදු කෙරුණි.
විද්‍යාලයීය පුස්තකාලය ප්‍රතිසංස්කරණය කිරීම, පුස්තකාලයට පොත්, මේස හා පුටු පරිත්‍යාග කිරීම, අධ්‍යාපනික කඳවුරු පැවැත්වීම යන වැඩසටහන් මෙදින පැවැත්විණි. පෑලියගොඩ මැනිං මාකට් වෙළෙඳ ප්‍රජාවගේ මූල්‍යමය දායකත්වයෙන් විද්‍යාලයීය පුස්තකාලය පිළිසකර කිරීම හා මේස – පුටු ලබා දීම සිදු කෙරුණු අතර, කැනඩාවේ චම්පිකා වික්‍රමසිංහ මහත්මිය සහ වෙළෙඳ ව්‍යාපාරික මහතා විසින් තීන්ත සහ උපකරණ ලබා දෙන ලදි.
කේ.එන්.එම්. අසේල සහ එරන්දි මාන්නගේ සිංහල පොත් පරිත්‍යාග කළ අතර, යූ.එස්. කරුණාරත්න ඉංග්‍රීසි පොත් පරිත්‍යාග කර ඇත. එසේම සම්බන්ධීකරණ සහ සංවිධාන ශක්තිය අජිත් ඇතුගල මහතා සහ ඉරෝෂණී ගල්ගේන මහත්මිය සිදුකරන ලදි.
සිසු සිසුවියන් වෙනුවෙන් රස වින්දන කඳවුර, පෞරුෂ සංවර්ධන කඳවුර, කියවීමේ කඳවුර, අත්දැකීම් කඳවුර, නාට්‍ය කඳවුර, චිත්‍ර නිර්මාණ කඳවුර හා විශ්ව සාහිත්‍ය කඳවුර යන වැඩමුළු පැවැත්වීම සඳහා තමීර මංජු, අජිත් ඇතුගල, සුප්‍රි සමරසිංහ, ඉරෝෂණී ගල්හේන, කමල් සේනාරත්න, තිළිණි ගුණවර්ධන, මිනුල්යා සේනාරත්න, දිලිනි ගරුසිංහ යන අය සහ පුලතිසිපුර ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය ප්‍රියන්ත බණ්ඩාර මහතා එක් විය. එමෙන්ම අධ්‍යාපනික කඳවුරුවලදී ජයග්‍රහණය කළ සිසු සිසුවියන් සඳහා ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදු විය.
එම පාසලේ විදුහල්පතිනි සුරංගනී වීරසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ, ගුරු මණ්ඩලයේ හා කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ගේ මෙන්ම සිසු සිසුවියන්ගේ සහයෝගයෙන් මේ සියලු කටයුතු සිදුකර තිබේ.