Home » ‘සබුද්ධි පොත් ගුල’ 6 වැනි වරට සුමේධ විදුහලේදී

‘සබුද්ධි පොත් ගුල’ 6 වැනි වරට සුමේධ විදුහලේදී

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

නිරෝධ්යා සඳ­මිණි රණ­සිංහ

කිය­වීම හා ක්‍රීඩාව නංවා­ලීම යන සබුද්ධි සංක­ල්ප­යට අනුව Òසබුද්ධි පොත් ගුලÓ සමාජ සත්කා­රය 6 වැනි වරට, 2023 දෙසැ­ම්බර් 20දා කොස්ගම සුමේධ විද්‍යා­ල­යේදී සිදු කෙරුණි.

විද්‍යා­ල­යීය පුස්ත­කා­ලය ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම, පුස්ත­කා­ල­යට පොත්, මේස හා පුටු පරි­ත්‍යාග කිරීම, අධ්‍යා­ප­නික කඳ­වුරු පැවැ­ත්වීම යන වැඩ­ස­ට­හන් මෙදින පැවැ­ත්විණි. පෑලි­ය­ගොඩ මැනිං මාකට් වෙළෙඳ ප්‍රජා­වගේ මූල්‍ය­මය දාය­ක­ත්ව­යෙන් විද්‍යා­ල­යීය පුස්ත­කා­ලය පිළි­ස­කර කිරීම හා මේස – පුටු ලබා දීම සිදු කෙරුණු අතර, කැන­ඩාවේ චම්පිකා වික්‍ර­ම­සිංහ මහ­ත්මිය සහ වෙළෙඳ ව්‍යාපා­රික මහතා විසින් තීන්ත සහ උප­ක­රණ ලබා දෙන ලදි.

කේ.එන්.එම්. අසේල සහ එරන්දි මාන්නගේ සිංහල පොත් පරි­ත්‍යාග කළ අතර, යූ.එස්. කරු­ණා­රත්න ඉංග්‍රීසි පොත් පරි­ත්‍යාග කර ඇත. එසේම සම්බ­න්ධී­ක­රණ සහ සංවි­ධාන ශක්තිය අජිත් ඇතු­ගල මහතා සහ ඉරෝ­ෂණී ගල්ගේන මහ­ත්මිය සිදු­ක­රන ලදි.

සිසු සිසු­වි­යන් වෙනු­වෙන් රස වින්දන කඳ­වුර, පෞරුෂ සංව­ර්ධන කඳ­වුර, කිය­වීමේ කඳ­වුර, අත්දැ­කීම් කඳ­වුර, නාට්‍ය කඳ­වුර, චිත්‍ර නිර්මාණ කඳ­වුර හා විශ්ව සාහිත්‍ය කඳ­වුර යන වැඩ­මුළු පැවැ­ත්වීම සඳහා තමීර මංජු, අජිත් ඇතු­ගල, සුප්‍රි සම­ර­සිංහ, ඉරෝ­ෂණී ගල්හේන, කමල් සේනා­රත්න, තිළිණි ගුණ­ව­ර්ධන, මිනුල්‍යා සේනා­රත්න, දිලිනි ගරු­සිංහ යන අය සහ පුල­ති­සි­පුර ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ කථි­කා­චාර්ය ප්‍රියන්ත බණ්ඩාර මහතා එක් විය. එමෙන්ම අධ්‍යා­ප­නික කඳ­වු­රු­ව­ලදී ජය­ග්‍ර­හ­ණය කළ සිසු සිසු­වි­යන් සඳහා ත්‍යාග පිරි­නැ­මී­මද මෙහිදී සිදු විය.

එම පාසලේ විදු­හ­ල්ප­තිනි සුරං­ගනී වීර­සිංහ මහ­ත්මි­යගේ මඟ­පෙ­න්වීම යටතේ, ගුරු මණ්ඩ­ලයේ හා කාර්ය මණ්ඩ­ලයේ මහත්ම මහ­ත්මීන්ගේ මෙන්ම සිසු සිසු­වි­යන්ගේ සහ­යෝ­ග­යෙන් මේ සියලු කට­යුතු සිදු­කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT