Home » අඩ සිය­ව­සක දේශා­ටන සාහිත්‍ය සම්භා­ෂ­ණ­යක් හෙට

අඩ සිය­ව­සක දේශා­ටන සාහිත්‍ය සම්භා­ෂ­ණ­යක් හෙට

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

නිරෝධ්යා සඳ­මිණි රණ­සිංහ

ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේ­සිංහ විසින් රචිත ‘දේශ දේශා­න්ත­ර­යෙහි’ කෘතිය ඇසු­රෙන් අඩ සිය­ව­සක දේශා­ටන සාහිත්‍ය අර­බයා හෙට (23) පස්වරු 3ට කොළඹ 07, නිද­හස් මාවතේ ජාතික පුස්ත­කාල හා ප්‍රලේ­ඛන සේවා මණ්ඩල ශ්‍රව­ණා­ගා­ර­යේදී සාහිත්‍ය සම්භා­ෂ­ණ­යක් පැවැ­ත්වී­මට නිය­මි­තය.

එහි මුල­සුන හොබ­වන්නේ සිංහල විශ්ව­කෝ­ෂයේ වැඩ­බ­ලන කර්තෘ, ආචාර්ය රන්ජන දේව­මිත්‍ර සේනා­සිංහ විසිනි. එහිදී ‘දේශා­ටන සාහි­ත්‍යයේ නිම් වළලු පුළුල් කිරීම’ යන මැයෙන් කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය චින්තක රණ­සිංහ සහ ‘දේශා­ට­නයේ සෞන්දර්ය චාරි­කා­වක්’ මැයෙන් සිළු­මිණ පුව­ත්පතේ නියෝජ්‍ය කර්තෘ සුමුදු චතු­රාණී ජය­ව­ර්ධන විසින් දේශන පැවැ­ත්වී­මට නිය­මි­තය.

සංගී­ත­යෙන් සඳ­සිරි අධි­කාරි සහ නිම්මි දේශ­ප්‍රිය මේ සඳහා එක් වන අතර, කථ­නය මිහිර අර­වින්ද මහතා විසිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT