දේශීය ණය සංවර්ධන අරමුදල සඳහා ආසියානු පදනමේ මූල්‍ය හා තාක්ෂණ සහාය ඇතිව 2024/2028 සඳහා ව්‍යාපාර සැලැස්මක් සකස් කර සැලසුම් කර ඇති බව එහි අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී කේ. ඩී. චිත්රපාල මහතා දිනමිණට පැවැසීය.
එම ව්‍යාපාර සැලැස්ම සකස් කිරීමට ඉන්දියාවේ එම්. ඒ. මැනේජ්මන්ට් ගවනර් කම්පැණි ලිමිටඩ් ආයතනයේ එම විෂය පිළිබඳ විශේෂ කණ්ඩායමක් ඊයේ (21) සහ හෙට (22) පැවැත්වෙන සාකච්ඡාවට සහභාගිවීමට පැමිණ සිටී.
එම විශේෂ කණ්ඩායම ආචාර්ය මුරලි, ආචාර්ය අශෝක් සහ සුභසන් යන තිදෙනකුගෙන් සැදුම්ලත් කළමනාකරණ ක්ෂේත්‍රයේ විශාල පලපුරුද්දක් හා අත්දැකීම් බහුලව ඇති කණ්ඩායමක් බව කේ. ඩී. චිත්රපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.