Wednesday, April 23, 2025
Home » ව්‍යාපාර සැලැස්ම සකස් කිරී­මට ඉන්දි­යාවේ එම්. ඒ. මැනේ­ජ්මන්ට් ගව­නර් ආයතනයේ කණ්ඩායමක් ලංකාවට

ව්‍යාපාර සැලැස්ම සකස් කිරී­මට ඉන්දි­යාවේ එම්. ඒ. මැනේ­ජ්මන්ට් ගව­නර් ආයතනයේ කණ්ඩායමක් ලංකාවට

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

ආරි­ය­රත්න ගනේ­ගොඩ - මැද කොළඹ සමූහ

දේශීය ණය සංව­ර්ධන අර­මු­දල සඳහා ආසි­යානු පද­නමේ මූල්‍ය හා තාක්ෂණ සහාය ඇතිව 2024/2028 සඳහා ව්‍යාපාර සැලැ­ස්මක් සකස් කර සැල­සුම් කර ඇති බව එහි අධ්‍යක්ෂ,  ප්‍රධාන විධා­යක ‍නිලධාරී කේ. ඩී. චිත්‍ර­පාල මහතා දින­මි­ණට පැවැ­සීය.

එම ව්‍යාපාර සැලැස්ම සකස් කිරී­මට ඉන්දි­යාවේ එම්. ඒ. මැනේ­ජ්මන්ට් ගව­නර් කම්පැණි ලිමි­ටඩ් ආය­ත­නයේ එම විෂය පිළි­බඳ විශේෂ කණ්ඩා­ය­මක් ඊයේ (21)  සහ හෙට (22) පැවැ­ත්වෙන සාක­ච්ඡා­වට සහ­භා­ගි­වී­මට පැමිණ සිටී.

එම විශේෂ කණ්ඩා­යම ආචාර්ය මුරලි, ආචාර්ය අශෝක් සහ සුභ­සන් යන තිදෙ­න­කු­ගෙන් සැදු­ම්ලත් කළ­ම­නා­ක­රණ ක්ෂේත්‍රයේ විශාල පල­පු­රු­ද්දක් හා අත්දැ­කීම් බහු­ලව ඇති කණ්ඩා­ය­මක් බව කේ. ඩී. චිත්‍ර­පාල මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT