Home » මහ­නු­වර සංව­ර්ධන යෝජනා ක්‍රම වෙනු­වෙන් මිලි­යන 650ක්

මහ­නු­වර සංව­ර්ධන යෝජනා ක්‍රම වෙනු­වෙන් මිලි­යන 650ක්

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

අසේල කුරු­ළු­වංශ

ග්‍රාමීය මට්ට­මින් හඳු­නා­ගනු ලබන මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ සංව­ර්ධන යෝජනා ක්‍රම නිර්නා­යක හත­රක් යටතේ ප්‍රමු­ඛතා ගත කර ක්‍රියා­ත්මක කිරී­මට රුපි­යල් මිලි­යන 650ක මුද­ලක් රජය දී තිබේ.

ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පසු­ගිය අය-වැය ප්‍රකා­ශ­න­යේදී සඳ­හන් කළ පරිදි ගම් මට්ට­මින් ව්‍යාපෘති හඳු­නා­ගැ­නීම ගමේ ජන­තාව විසින්ම සිදු කළ යුතුව තිබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩු­කාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා කීවේය.

මල්වතු මහා­නා­යක තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමං­ගල මහා­නා­හි­මි­යන් බැහැ­දැක ආශී­ර්වාද ගැනී­මෙන් පසු ආණ්ඩු­කා­ර­ව­රයා මේ සංව­ර්ධන වැඩ­ස­ට­හන පිළි­බ­ඳව උන්ව­හන්සේ දැනු­ම්වත් කළේය.

ගමේ ජන­තාව විවිධ ග්‍රාමීය සංවි­ධාන හා මහ­ජන නියෝ­ජි­ත­යන් එක්ව සාකච්ඡා කර කඩි­න­මින් සපුරා ගත යුතු ව්‍යාපෘති හඳු­නා­ගෙන එය ප්‍රාදේ­ශීය සම්බ­න්ධී­ක­රණ කමි­ටු­වට යොමු කර අනු­මැ­තිය ගැනී­මෙන් පසු දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටු­වට යොමු කළ යුතු බවත්, මුදල් අමා­ත්‍යාං­ශ­යෙන් පෙබ­ර­වාරි මාස­යේදී ඊට අවශ්‍ය මුදල් ප්‍රති­පා­දන දෙන බවත්, සිය­ලුම ව්‍යාපෘති ජූලි මස 31 වැනි දිනට පෙර අව­සන් කළ යුතු බවත් ආණ්ඩු­කා­ර­ව­රයා වැඩි­දු­ර­ටත් අව­ධා­ර­ණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT