ග්‍රාමීය මට්ටමින් හඳුනාගනු ලබන මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන යෝජනා ක්‍රම නිර්නායක හතරක් යටතේ ප්‍රමුඛතා ගත කර ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 650ක මුදලක් රජය දී තිබේ.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අය-වැය ප්රකාශනයේදී සඳහන් කළ පරිදි ගම් මට්ටමින් ව්‍යාපෘති හඳුනාගැනීම ගමේ ජනතාව විසින්ම සිදු කළ යුතුව තිබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා කීවේය.
මල්වතු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් බැහැදැක ආශීර්වාද ගැනීමෙන් පසු ආණ්ඩුකාරවරයා මේ සංවර්ධන වැඩසටහන පිළිබඳව උන්වහන්සේ දැනුම්වත් කළේය.
ගමේ ජනතාව විවිධ ග්‍රාමීය සංවිධාන හා මහජන නියෝජිතයන් එක්ව සාකච්ඡා කර කඩිනමින් සපුරා ගත යුතු ව්‍යාපෘති හඳුනාගෙන එය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට යොමු කර අනුමැතිය ගැනීමෙන් පසු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට යොමු කළ යුතු බවත්, මුදල් අමාත්‍යාංශයෙන් පෙබරවාරි මාසයේදී ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දෙන බවත්, සියලුම ව්‍යාපෘති ජූලි මස 31 වැනි දිනට පෙර අවසන් කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.