Home » ‘ජුව­ල­රි­ය­ට’ රොබරිය දුන් අයියා නගෝ කොටු

‘ජුව­ල­රි­ය­ට’ රොබරිය දුන් අයියා නගෝ කොටු

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

ගාලු පාරට යාබ­දව වැල්ල­වත්තේ පිහිටි ජුව­ල­රි­ සාප්පුවකට රන් භාණ්ඩ මිලදී ගැනීමේ මුවා­වෙන් පැමිණ රුපි­යල් ලක්ෂ 04ක් පමණ වටිනා රන් භාණ්ඩ සොරා­ගෙන පලා­ගොස් සිටි තරු­ණි­යන් දෙදෙ­නෙක් සහ තරු­ණ­යෙක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට වැල්ල­වත්ත පොලි­සිය පෙරේදා (20) සමත්ව ඇත.

එම ජුව­ල­රියේ සේවයේ නිරත නාව­ල­පි­ටියේ පදිංචි රන්ක­රු­වෙක් විසින් පොලි­සිය කළ පැමි­ණි­ල්ල­කට අනුව එම සැක­ක­රු­වන් තිදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

ඔවුන් තිදෙ­නාම කොළඹ 12 ඩයස් පෙදෙසේ පදිංචි එකම පවු­ලක සාමා­ජි­ක­යන්ය. තරු­ණි­යන් දෙදෙනා අවු­රුදු 21ක් වය­සැති අය වන අතර, තරු­ණයා අවු­රුදු 23ක අයෙක් බව පොලි­සිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT