136
ගාලු පාරට යාබදව වැල්ලවත්තේ පිහිටි ජුවලරි සාප්පුවකට රන් භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ රුපියල් ලක්ෂ 04ක් පමණ වටිනා රන් භාණ්ඩ සොරාගෙන පලාගොස් සිටි තරුණියන් දෙදෙනෙක් සහ තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට වැල්ලවත්ත පොලිසිය පෙරේදා (20) සමත්ව ඇත.
එම ජුවලරියේ සේවයේ නිරත නාවලපිටියේ පදිංචි රන්කරුවෙක් විසින් පොලිසිය කළ පැමිණිල්ලකට අනුව එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් තිදෙනාම කොළඹ 12 ඩයස් පෙදෙසේ පදිංචි එකම පවුලක සාමාජිකයන්ය. තරුණියන් දෙදෙනා අවුරුදු 21ක් වයසැති අය වන අතර, තරුණයා අවුරුදු 23ක අයෙක් බව පොලිසිය කියයි.