මැණික් ගල් 15ක් මිලදී ගෙන රුපියල් තුන්කෝටියකට ආසන්න මුදලක් වෙනුවෙන් අගරු චෙක්පත් දෙමින් වංචා කිරීමකට සම්බන්ධ ව්‍යාපරිකයෙක් ඇතුළු 06 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාපාරිකයා බේරුවල, මරදාන හනීෆා මාවතේ පදිංචි අවුරුදු 36ක් වයසැති අයෙක් වන අතර, මැණික් ගල් 15ක් මිලදී ගෙන ඇත්තේ මේ ව්‍යාපාරිකයාය. මැණික් ගල් මිලදී ගැනීමට ඔහු 28,750,000ක් වටිනා චෙක්පත් කිහිපයක් මැණික්ගල් හිමිකරුට දී ඇති බවත්, එම චෙක්පත් සියල්ලක්ම මුදල් නොමැති ගිණුම්වලින් දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මැණික් ගල් අලෙවි කර වංචාවට හසුවූ පුද්ගලයා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශන පවත්වා මැණික් ගල් මිලදී ගෙන අඟරු චෙක්පත් දුන් පුද්ගලයා පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව මේ වංචාවට ඔහුට ආධාර හා අනුබල දුන් කාන්තාවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් පස් දෙනකුත් අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තාවන් තිදෙනා අවුරුදු 25, 43 සහ 53 යන වයස්වල පසුවන්නන්ය. සෙසු සැකකරුවන් අවුරුදු 24 සහ 30 යන වයස්වල අය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සැකකරුවන් පස් දෙනාම යාපනයේ පදිංචිකරුවන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.