Monday, April 21, 2025
Home » මැණික් අරන් අගරු චෙක් පත් දුන් ව්‍යාපා­රි­කයා ඇතුළු 6ක් මාට්ටු

මැණික් අරන් අගරු චෙක් පත් දුන් ව්‍යාපා­රි­කයා ඇතුළු 6ක් මාට්ටු

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

මැණික් ගල් 15ක් මිලදී ගෙන රුපි­යල් තුන්කෝ­ටි­ය­කට ආසන්න මුද­ලක් වෙනු­වෙන් අගරු චෙක්පත් දෙමින් වංචා කිරී­ම­කට සම්බන්ධ ව්‍යාප­රි­ක­යෙක් ඇතුළු 06 දෙනෙක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

ව්‍යාපා­රි­කයා බේරු­වල, මර­දාන හනීෆා මාවතේ පදිංචි අවු­රුදු 36ක් වය­සැති අයෙක් වන අතර, මැණික් ගල් 15ක් මිලදී ගෙන ඇත්තේ මේ ව්‍යාපා­රි­ක­යාය. මැණික් ගල් මිලදී ගැනී­මට ඔහු 28,750,000ක් වටිනා චෙක්පත් කිහි­ප­යක් මැණි­ක්ගල් හිමි­ක­රුට දී ඇති බවත්, එම චෙක්පත් සිය­ල්ලක්ම මුදල් නොමැති ගිණු­ම්ව­ලින් දී ඇති බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

මැණික් ගල් අලෙවි කර වංචා­වට හසුවූ පුද්ග­ලයා කළ පැමි­ණි­ල්ල­කට අනුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් විම­ර්ශන පවත්වා මැණික් ගල් මිලදී ගෙන අඟරු චෙක්පත් දුන් පුද්ග­ලයා පෙරේදා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. අන­තු­රුව මේ වංචා­වට ඔහුට ආධාර හා අනු­බල දුන් කාන්තා­වන් තිදෙ­නෙක් ඇතුළු පුද්ග­ල­යන් පස් දෙන­කුත් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

කාන්තා­වන් තිදෙනා අවු­රුදු 25, 43 සහ 53 යන වය­ස්වල පසු­ව­න්නන්ය. සෙසු සැක­ක­රු­වන් අවු­රුදු 24 සහ 30 යන වය­ස්වල අය බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. මේ සැක­ක­රු­වන් පස් දෙනාම යාප­නයේ පදිං­චි­ක­රු­වන් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT