Home » රාජ්‍ය සේව­යට වර්ජන බැරිය

රාජ්‍ය සේව­යට වර්ජන බැරිය

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

ර්ථි­කයේ කඩා වැටීම හේතු­වෙන් කර්මාන්ත දෙලක්ෂ හැට තුන්ද­හස් දෙසී­යක්  පසු­ගිය වසර හත­රක කාල­යේ දී  වැසී ගොස් ඇතැයි ජන­ලේ­ඛන හා සංඛ්‍යා­ලේ­ඛන දෙපා­ර්ත­මේ­න්තුව නිකුත් කළ වාර්තා­වක සඳ­හන්ය. රටේ තත්ත්වය ඇත්තේ කෙබඳු තැන­කදැ’යි දැන ගැනීම සඳහා මේ දත්තය ඉතා වැද­ගත්ය. කොවිඩ් කාලසීමාව හේතු­වෙන් පන­වන ලද නිරෝ­ධා­යන ඇඳිරි නීතිය,  වළ­ක්වා­ලිය නොහැකි තත්ත්ව­යක් වූයේ මුත්,  එයින් ජනිත කරන ලද ආර්ථික දුර්වි­පාක තව­මත් අප පසු­පස ‘එළව එළවා හපා කමින්’ තිබෙන බව කිව හැක්කේය. රට බංකො­ලො­ත්භා­වය සඳහා පත්වීම දක්වා, මේ අගා­ධය දරුණු වූයේ මුත්, සම­හරු තවම මේ ‘ස්කන්ධයේ’සැබෑ ස්වභා­වය දකින්නේ නැත. ආර්ථික අර්බු­ද­යක් පැමිණි කල රටක් දිග­ටම වැඩ කළ යුත්තේය. බූලි ඔස­වා­ගෙන ෂෙඩ් එකේ පෝලිමේ සිටි ආකා­රය, ගෑස් නොමැ­තිව,  පොඩි දර­මිටි ෆුඩ් සිටි­යෙන් ගෙදර ගෙනැ­විත්,  සාලය මැද්දේ බතක් හොද්දක් හදා­ගෙන කෑ ආකා­රය දැන් ඉති­හා­ස­යට එක්ව ඇති බැවින්,  සම­හර දෙනා ඒවා වළ දමා ද අව­සන්ය. ඒ සා පහසු ආකා­ර­යෙන් ආර්ථි­කය අව­ප­ත­න­යක් අත­හැර දැමිය නොහැ­ක්කේය. තවම අප සිටි­නුයේ ඒ අර්බු­ද­යෙන් හිස ඔසවා බලන තැන පම­ණය. මේ නිසා අර්බු­දයේ කතාව තදින් සිතට ගෙන රටේ සියලු දෙනා වැඩේට බැසිය යුතුය. එහෙම වුණාට මී හරකා අදින්නේ මඩට සේ,  තවම සම­හර ඈයෝ යන්නේම රුයි­තෙ­ටය. එහෙම බකල් ගැසීම සඳහා හේතුව ‘දේශ­පා­ලන බලා­පො­රොත්තු’ විය හැකිය. ප්‍රශ්නය කුණු වූ කල්හි ඉප­දෙන සාරය,  සම­හ­රුන්ගේ ආහා­රය වෙයි. අප හට කුණු වූ කෑම අප්‍රි­යාව ජනිත කර­න්නේය. එහෙත්,  ඒ මත්තේ පොදි ගැසී,  ආහා­රය සපයා ගන්නා කාණ්ඩ ගණ­නා­වකි. එවන් පිරිස් මේ මොහො­තේ දී සක්‍රිය වන්නාහ.

සෞඛ්‍ය සේවක වර්ජ­නය සඳහා පද­නම වූයේ කිසි­යම් කප්පා­දු­වක් නොවේ. ඔවු­නගේ සේවා සඳහා කරන ලද මදි පුංචි­ක­මක් ද නොවේ. වෛද්‍ය­වරු වෙත යම් දීම­නා­වක් ලබා දුන් බව සැල­වී­මත් සමඟ සෙසු සෞඛ්‍ය සේව­කයෝ වර්ජ­නය අතට ගත්හ.

ඉල්ලීම් දිනා ගැනීමේ හිමි­කම සම්බ­න්ධ­යෙන් දේශ­පා­ලන වප­ස­රියේ ද පුළුල් අයිතියක් ඇති හෙයින්, ‘කොහොම කොහොම හරි ස්ට්‍රයික් කර­පල්ලා’ යන්න මහත් විප්ල­ව­කාරී මෙන්ම,  ප්‍රග­ති­ශීලි කර්ත­ව්‍ය­යක් ලෙස තව­මත් සම­හරු විශ්වාස කර­න්නේය. වසර හැත්තෑ­ව­කට ආසන්න කාල­යක් පුරා මේ රටේ සමාජ මන­සට පොම්ප කර ඇත්තේ කම්කරු සටන් වනාහි උග්‍ර මාන­ව­කාමී දෙයක් ලෙසය. ලෙයින්,  දහ­දි­යෙන් දිනූ…, ආදී ලෙස පටන් ගන්නා මේ කතා,  අසා සිටි­න්නාගේ ලේ කුපිත කර,  විප්ල­වීය ආශ්වා­දය කුළු ගන්ව­න්නේය. කම්ක­රුවා වනාහි පරම පූජ­නීය සහ පීඩ­න­යට පත්වූ අයෙක් බව සමා­ජයේ හිස මුදු­න­ටම එන්නේ මේ ආදී ශෘංගා­රා­ත්මක ප්‍රවේ­ශ­යන් ඔස්සේය. පෞද්ග­ලික අංශයේ කම්ක­රුවා වෙත එහෙම කරු­ණා­වක් ලැබෙන්නේ නම්,  කම් නැත. ඒ තරම් සූරා­කෑ­ම­කට,  හේ ලක්ව­න්නේය. එහෙත්,  රාජ්‍ය අංශයේ සේව­කයා වූ කලී, හැම අතින්ම ආර­ක්ෂි­ත­යෙකි. වස­රක් පාසා පඩි වැඩි වන්නේය. ඡන්ද­යක් කිට්ටු­ වෙන වාර­යක් පාසා,  දීමනා ආදිය සමඟ පඩි වැඩි වන්නේය. දහ­දුක් විඳීම් ආදිය අඩුය. නිවාඩු සහ අනෙ­කුත් දීමනා,  අටෝ­රා­ශි­යක් ලැබෙ­න්නේය. සේවය සඳහා විශාල පිරි­සක් සිටින හෙයින් පීඩ­නය අඩුය. සේවා රැක­ව­ර­ණය ඉහ­ළය. මේ කිසි­වක් පුද්ග­ලික අංශයේ සේව­කයා වෙත නැත. එසේ වුවත් එම අංශයේ වැඩ වර්ජන ආදිය ද නැත.

රජයේ රැකියා කරන යමෙක් වෙත ඇත්තේ පළ­මුව සේවාව යන ආස්ථා­නය වේ. මෙය සෞඛ්‍ය යන ආස්ථා­නයේ සිට බැලිය හැක්කේය.

රෝගී සත්කා­රය යනු  සෞඛ්‍ය වෘත්ති­ක­යන් විසින් පිරි­න­මනු ලබන සේවා­වන් හරහා රෝග වැළැ­ක්වීම,  ප්‍රති­කාර කිරීම සහ කළ­ම­නා­ක­ර­ණය කිරීම සහ ශාරී­රික හා මාන­සික යහ­පැ­වැත්ම ආරක්ෂා කිරී­මයි. මෙය අනු­ක­ම්පා­වෙන් ලබා දෙන සේවා­වක් නොව රෝගීන් සතු  පූර්ණ මානව හිමි­ක­මක් ලබා දීමය. එය ඇත්තේ සිය­ල්ල­ටම ඉහ­ළින්ය. එය කිසිදු විටක කඩ කළ නොහැ­ක්කේය. සෞඛ්‍ය සේවාව පිහි­ටුවා ඇත්තේම,  ඒ වෙනු­වෙන්ය. මේ අනු­ල්ලං­ඝ­නීය මානව හිමි­කම වෙනු­වෙන් සෞඛ්‍ය සේවාව පෙළගැසිය යුත්තේය. එය කිසිදු ආකා­ර­ය­කින් කැළැල් කිරී­මක් එම සේවයේ යෙදෙන අය­කුට කළ නොහැ­ක්කේය. උදා­හ­ර­ණය සඳහා වෘත්තීය අයි­ති­වා­සි­කම් ගනිමු. එවැනි දෙයක් උදෙසා ගත හැකි ක්‍රියා­මා­ර්ගය ඇත්තේ,  රෝගී සත්කා­රය හැර­පියා හෝ එය උක­සට තබා සිදු කරනා තැනක නොවේ. එය ඉටු කර­මින්,  තමන්ට අනන්‍ය වූ මාර්ග­යක එම සේවාවේ,  වෘත්තීය අයි­ති­වා­සි­කම් මාර්ගය සකස් විය යුත්තේය.

වැඩ තහ­න­මට ලක් කර ඇති  විදුලි සේව­ක­යින් සංඛ්‍යාව මේ වන විට  66 දක්වා ඉහළ ගොස් තිබේ.

විදු­ලි­බල මණ්ඩ­ලයේ සේව­ක­යන් වෙත කිසි­වි­ටක එම සේවාව බිල්ලට දමා සිය අයි­ති­වා­සි­කම් සඳහා පිටි­යට පිවි­සී­මට නොහැ­ක්කේය. ජන­තා­වගේ මූලික අයි­ති­වා­සි­ක­මක් බවට විදු­ලිය පත්ව තිබෙන හෙයින්,  එය දෙවැනි තැනට දමා කිසි­ව­කුට කට­යුතු කළ නොහැ­කිය. මේ ආකා­ර­යට අප රාජ්‍ය සේවය දැකිය යුත්තෝ වෙමු. ආණ්ඩුවේ කන්තෝ­රු­වල ලොක්කෝ සිටිය නොහැක. “ අර සර් ගාවට ගිහින් මේක අත්සන් කරන් එන්න. ” යැයි පැමි­ණෙන කෙනා වෙත කවු­රුන් හෝ කියා සිටී නම් එතැන් පටන්ම වැර­දිය. සර් හෝ මැඩම් වන්නේ,  වැඩේ කර­ග­න්නට එන ජනී ජනයා මිස,  ඒ මිනි­සුන්ගේ සේවය වෙනු­වෙන්,  ඒ ජන­තා­වගේ බදු මුදල් ලබා­ගෙන සේවය කරන්නා නොවේ. එහෙම බලන විට ගෙදර වැඩට ඉන්න එකාට,  හාම්පුතා මැඩම් කියා ඇම­තිය යුතුය. මේ නිසා කිසිදු රාජ්‍ය ආය­ත­න­යක ‘සර්ලා,  මැඩම්ලා’ නැත. ඇත්තේ මහත්ම මහ­ත්මීන්ය. ඒ තත්ත්වය මදි නම්,  රස්සා­වෙන් අස්වී එහෙම ආම­න්ත්‍ර­ණය කරනා,  වෙනත් රැකි­යා­වක් සොයාගත හැක්කේය. ආණ්ඩුවේ කන්තෝ­රු­වල සිටිනා ‘සික්කාගේ’ සිට සියලු දෙනා ‘හරිම වසය’. ඉන්නෙම කේන්ති­යෙනි. සින­හා­වක් ගෑවී නැත. උන් සිනහා වෙන බව අප දන්නේ,  ඇතුළේ එකි­නෙකා හා කොක් හඬ දී සිනා­සෙන කල්හිය. මේ ආකා­රය, දැන් වෙනස් කළ යුත්තේය.

ලංවිම විරෝ­ධ­තා­ව­ය­ක දී මුදල් කවුළු වසා දමා පාරි­භෝ­ගි­ක­යන්ට මුදල් ගෙවී­මට බාධා කළ මුදල් භාර­ක­රු­වන් 15 දෙන­කුගේ සේවය විදු­ලි­බල මණ්ඩ­ලය අත්හිටවූවේය. ඒවා නියම වැඩය. රාජ්‍ය සේවාව වනාහි ජන­තාව මූලික කොට ගෙන ඇත්තකි. අප පළ­මුව එය තහ­වුරු කළ යුතුය. ස්ට්‍රයික් ආදිය ඉදි­රි­යට ගෙන එය පළුදු කරනා ඕනෑම අය­කුට එරෙ­හිව ‘වැඩ තහ­නම’ හොඳම අවිය බව මේ තීරුවේ මතය වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT