954
අද (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින බව පොලිස් වාර්තා සඳහන් කරයි.
බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසල දී ඩිෆන්ඩර් වර්ගයේ රථයක් ඉලක්ක කර මෙම වෙඩි තැබීමෙන් එම ස්ථානයේදී සිවු දෙනෙකු මිය ගොස් ඇත.
තවත් පුද්ගලයෙකු රෝහලේදී මිය ගොස් තිබෙයි.
ජීප් රථයේ අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ද සිට ඇති බවද වාර්තා වෙයි.