Home » පොලිස් ගිනි අවිය පත්තුවී ලොරි රියැදුරා එතැනම මරුට

පොලිස් ගිනි අවිය පත්තුවී ලොරි රියැදුරා එතැනම මරුට

නාරම්මල SI සැකපිට අත්අඩංගුවට

by mahesh
January 19, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ, සුනිල් එස්. පැල්ලන්දෙණිය සහ කුරුණෑගල පුෂ්ප කුමාර ජයරත්න

නාරම්මල, දම්පැලැස්ස ප්‍ර‍ද්ශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ කුඩා ලොරි රථයක් පසුපස පන්නා එය නතරකොට පරීක්ෂාවට ලක්කරන අවස්ථාවේදී පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මකවීම හේතුවෙන් ලොරි රථයේ රියැදුරු එම ස්ථානයේම මිය ගොස් තිබේ. ඊයේ (18) රාත්‍රියේ මෙම සිද්ධිය සිදුව ඇති අතර මියගොස් ඇත්තේ අලව්වේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු තීන්ත ආලේපන ශිල්පියකු ලෙස කටයුතු කළ අයෙකි.

මෙම වෙඩි පත්තුවීම සම්බන්ධයෙන් සැකපිට නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති සුදත් වෙදමුල්ල මහතා සඳහන් කළේය.නාරම්මල පොලිසියේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයකු හා පොලිස් කොස්තාපල්වරයකු නාරම්මල ප්‍රදේශයේ රාත්‍රී රාජකාරියේ යෙදී සිටියදී මාර්ගයේ ගමන් කරමින් තිබූ කුඩා ලොරි රථයක් නතර කරන ලෙස සංඥා කර තිබේ. එම සංඥා නොතකා ලොරි රථය ඉදිරියට ධාවනය වී තිබෙන බව පොලිසිය කියයි. එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරුපැදියක නැඟී ලොරි රථය පසුපස කිලෝමීටර් එක හමාරක් පමණ දුර පන්නා ගොස් දම්පැලැස්ස හංදියේදී රථය නතර කරගෙන ඇත.ලොරි රථයේ සිට ඇත්තේ රියැදුරු පමණක් බව පොලිසිය කියයි.එම අවස්ථාවේදී ලොරි රථය පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කරමින් සිටියදී උප පොලිස් පරීක්ෂකවරයාගේ අත වූ ගිනි අවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියැදුරුට වෙඩි වැදී මියගොස් ඇති බව නියෝජ්‍ය පොලිස්පති සුදත් වෙදමුල්ල මහතා කීය. මෙම වෙඩිල්ල පත්තු වූයේ කෙසේදැයි කියා පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.මේ සිද්ධියෙන් පසුව නාරම්මල පොලීසිය ඉදිරිපිටට පැමිණි විශාල ජනකායක් පොලිසියට විරෝධය දක්වමින් කලාකාරි ලෙස හැසිරීම නිසා තත්ත්වය පාලනය කිරීමට අවට පොලිස් ස්ථාන රැසක පොලිස් නිලධාරීන් එහි කැඳවීමට සිදුවූ බව කුරුණෑගල දිසාව භාර නියොජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතා කියයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT