Home » කතුන්ට සීමාවූ සුපිරි බූරුපොළක් ජා-ඇළ

කතුන්ට සීමාවූ සුපිරි බූරුපොළක් ජා-ඇළ

සැකකාරියෝ 5ක් මාට්ටු

by mahesh
January 19, 2024 1:00 am 0 comment

ජා-ඇළ විශේෂ - තිස්ස කොටින්කඩුව

ජා-ඇළ පොලී අක්කයි ඌරු අක්කලා 2කුත් ඒ අතර

ජා-ඇළ ප්‍රදේශයේ දඬුගම උඩුවැල්ල පෙ‍ෙදසේ සුපිරි නිවෙසක පවත්වා ගෙන ගිය කාන්තාවන්ට පමණක් සීමාවූ මහ පරිමාණයේ බූරු පොළක් වටලා සැකකාරියන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව ජා-ඇළ පොලිසිය පවසයි. සැකකාරියන් සමඟ එම අවස්ථාවේ බූරුපොළේ ඔට්ටුවට දමා තිබූ රුපියල් 30900ක මුදලක්ද පොලිස් භාරයට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාරියන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ යෙදී සිටින්නියන් බවත් ඔවුන් අතරින් එක් සැකකාරියක් ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුදල් පොලියට දෙන කාන්තාවක් බවත් තවත් සැකකාරියන් දෙදෙනකු ඌරු ගොවිපොළවල් හිමිකාරියන් බවත් පොලිස් විමර්ශන කටයුතුවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගෙන ඇති වයස අවුරුදු 35-50 අතර වියේ පසුවන සැකකාරියන් මීගමුව, කොච්චිකඩේ, සීදුව, කඳාන සහ ජා-ඇළ යන ප්‍රදේශවල පදිංචිකාරියන් බව මෙහිදී හෙළිව ඇත.

ජා-ඇළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බවන්ත රාජකරුණා, ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා රේනුකා හේරත්, උප පොලිස් පරීක්ෂක තිලකසිරි, පොලිස් සැරයන් (4199) විජේසූරිය, පොලිස් කොස්තාපල්වරුන් වන (84955) සුජීව, (92325) ජයසිංහ, (38051) ප්‍රනාන්දු, (31826) ප්‍රේමරත්න යන නිලධාරින් විසින් වැටලීම සිදු කොට සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT