Home » පස්දරු මව උඩුවාවල අම්බලමේ දමා ගිහින්

පස්දරු මව උඩුවාවල අම්බලමේ දමා ගිහින්

by mahesh
January 19, 2024 1:00 am 0 comment

කටුගස්තොට සමූහ - එස්.ජී. විජේරත්න

ගැහැනු දරුවන් දෙනකු හා පිරිමි දරුවන් තිදෙනකු සිටින බව පැව‍ෙසන වයෝවෘද්ධ මවක් කටුගස්තොට රණවන මාර්ගයේ පිහිටි උඩුවාවල අම්බලමේ දමා ගොස් ඇත. පෙරේදා (17) රාත්‍රි කාලයේ හෝ ඊයේ (18) අලුයම් කාලයේ මෙම කාන්තාව ගෙනවිත් දමා යන්නට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. වයස අවුරුදු 75ක් 80ක් පමණ විය හැකි මෙම කාන්තාව ඇයගේ නම සිත්ති රහීනා බවත් ගම උකුවෙල රයිතලාවෙල බවත් අප හා පැවසුවාය. ඇයට දරුවන් පස්දෙනකු සිටින බවත් ඇය ඇගේ නිවෙසේ තනිවම පදිංචිව සිටි බව අප කළ විමසීමේදි වැඩිදුරටත් කියා සිටියාය. තරමක සිහිමඳ ගතියතික් පෙළෙන ඇය එක්වරක් කියා සිටියේ තනිවම ඇය මෙතනට ආ බවය. නමුත් ඇය කිසියම් පිරිසක් විසින් රැගෙන විත් අම්බලමේ නතර කළ බව ද ඇය පවසයි. අම්බලමේ සිටින ඇයට ප්‍රදේශවාසීන් එක්ව කෑම බීම ආදියෙන් සංග්‍රහ කළ අතර කටුගස්තොට පොලිසියේ නිලධාරින් කිහිප දෙනෙක්ද පැමිණ ඇය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT