263
මග්ගොන දුම්රිය ස්ථානය ආසන්නයේ දී ඊයේ (18) පස්වරුවේ දුම්රියක ගැටී විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන, මිල්ලගහකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි වර්ණසිංහ මුලිගේ ලුසියන් තිලක් කුමාර නමැති 73 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අලුත්ගම සිට පොල්ගහවෙල බලා ධාවනය වූ 16060 දරන බලවේග කට්ටල දුම්රියේ ගැටී ඇති අතර, බරපතළ තුවාල ලබා සිටි තැනැත්තා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.