Home » නිලන්තට රෝද පුටුවක්

නිලන්තට රෝද පුටුවක්

by sachintha
January 19, 2024 1:38 am 0 comment

කළුතර පොතුපිටිය, මුදිල්ලගහවත්තේ පදිංචි රන්මුතු නිලන්ත සිල්වා (අවු .35) මීට වසර 10 කට පමණ පෙර සිදුවූ රිය අනතුරකින් දෑත් දෙපා අප්‍රාණිකව ආබාධිතව සිටින අයෙකි.
රැකියාවක්ද නොමැතිව මව සමග ජීවත් වන මොහුට රෝද පුටුවක් ලබා දෙන ලෙසට ආපදා කළමණාකරණ සම්බන්ධීකරණ නිලධාරි බී.එච්.රසික ප්‍රියංකර පෙරේරා මහතා විසින් ආබාධ සහිත තැනැත්තන් සඳහාවූ ජාතික මහ ලේකම් කාර්යාලයෙන් කරන ලද ඉල්ලීමට අනුව ලද රෝද පුටුව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඊයේ (18) ඔහුට ප්‍රදානය කළ ආකාරය ඡායාරූපයෙන් දැක්වේ .
රසික ප්‍රියංකර පෙරේරා මහතාද, කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරිනි නිලූ චාන්දනී වීරසිංහ මහත්මිය ද නිලන්ත සිල්වාගේ මවද ඡායාරූපයේ සිටිති.

කළුතර මධ්‍යම සමූහ සුනිල් ස්ටැන්ලි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT