Home » මාරිස්ටෙලා GLOBAL EDUCATION FEST පෙබරවාරි 02 සිට 04 දක්වා

මාරිස්ටෙලා GLOBAL EDUCATION FEST පෙබරවාරි 02 සිට 04 දක්වා

by sachintha
January 19, 2024 1:36 am 0 comment

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (OBA) GLOBAL EDUCATION FEST 2024 නමින්අධ්‍යාපනික ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම උත්සවය පෙබරවාරි 02 සිට 04 දක්වා දින තුනක් මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දී පැවැත්වෙනු ඇත.

මේ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ජනවාරි 16 වැනි දින ආදි ශිෂ්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.

ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදීප් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය සාකච්ඡාවට විදුහල්පති සුනන්ද අල්විස් සහෝදර තුමා ද එම මෙහෙයුම් කමිටුව ද සහභාගි වූහ.

ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදීප් පීරිස් මහතා අදහස් දක්වමින් පැවසුවේ මෙය ප්‍රදර්ශනයකට වඩා එහා ගිය නවමු අත්දැකීමක් බවයි, මෙම අවස්ථාව හරහා සාර්ථක අනාගතයක් ගොඩනඟා ගැනීමට පුද්ගලයන් සවි බල ගැන්වෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරමින් එහි ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස විශේෂයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආරාධනා කරන බව පැවසීය. මෙහිදී විදුහල්පති සුනන්ද අල්විස් සහෝදරතුමා මෙම මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස සිසු දරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ඩී මිහිඳුකුල කොච්චිකඩේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT