Home » මිතුරාගේ යතුරුපැදිය සිසුවාට මරු කැඳවයි

මිතුරාගේ යතුරුපැදිය සිසුවාට මරු කැඳවයි

by mahesh
January 19, 2024 1:00 am 0 comment

පුත්තලම හිරාන් ප්‍රියංකර

යතුරුපැදියක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් සිදුවු අනතුරකින් 15 හැවිරිදි පාසල් සිසුවකු මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය විරුතෝඩේ මුස්ලිම් මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි කලීල් අහමද් මොහොමඩ් නැමති පාසල් සිසුවාය.

මිතුරකුගේ යතුරුපැදියක් ඉල්ලා ගෙන සුළු දුරක් ගමන් කරමින් සිටිය දී ඉදිරිපසින් ගමන් කළ ලොරියේ ගැටී සිසුවා මරණයට පත්ව ඇති බව කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT