යක්කලමුල්ල නව ප්‍රාදේශීය ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරිනියක වන වීණා රසාංජනී මෙනෙවිය පෙරේදා (17) වැඩ භාර ගත්තාය. ඇය ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ විශේෂවේදී උපාධිධාරිනියකි. රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ද ඇය ලබා ගෙන ඇත. රාජ්‍ය සේවයේ වසර 17ක පළපුරුද්දක් ඇති අතර ඇය මේ තනතුරට පත්වීමට පෙර දකුණු පළාත් සමාජ සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරේ වසර 5ක් පමණ සේවය කළාය. ඊට පෙර දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහකාර ලේකම් තනතුරේ වසර 07ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ. සත්සරණ සමාජ සත්කාරක පදනම හරහා සමාජ සේවා කටයුතුවල ඇය නිරත වෙයි.
යක්කලමුල්ල නව ප්‍රාදේශීය ලේකම් වීණා රසාංජනී වැඩ බාර ගනී
by mahesh
January 19, 2024 1:00 am
0 comment
සඳුනි නදීෂානී
406