Home » රථවාහන පරීක්ෂාවකදී පොලිස් නිලධාරීන්ට පහරදුන් දෙදෙනා අත්අඩංගුවට

රථවාහන පරීක්ෂාවකදී පොලිස් නිලධාරීන්ට පහරදුන් දෙදෙනා අත්අඩංගුවට

by mahesh
January 19, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

සෙට්ටිකුලම මුදලියාර්කුලම ප්‍රදේශයේ රථවාහන පරික්ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පෙරේදා (17) රාත්‍රී කාලයේ පහරදුන් පුද්ගලයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු සෙට්ටිකුලම රෝහලට ඇතුළත්කර ඇත.

පොලිස් නිලධාරීන් දෙදෙනා මාර්ගයේ රථවාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිටියදී යතුරුපැදියක් නතරකර එහි ලේඛන පරීක්ෂා කිරීමට යාමේදී එම යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනා ඊට විරෝධය දක්වා තිබේ. ඒ අතර යතුරුපැදිකරුගේ සහෝදරයන් දෙදෙනකුද එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ට පහරදී ඇත. ආරක්ෂක හිස් වැසුමකින්ද නිලධාරීන්ට පහරදී ඇති බව පොලීසිය කියයි.

මෙහිදී රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනා මේ ගැන සෙට්ටිකුලම පොලිස් ස්ථානයට දැනුම්දී අමතර නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගෙන්වා තිබේ. එහිදී පොලිස් නිලධාරීන්ට පහරදුන් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙට්ටිකුලමේ පදිංචි බස් රථ සහායකයකු වන 22 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු සහ රියැදුරකු වන 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී යතුරු පැදියේ පැමිණි දෙදෙනා පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT