කොරතොට, කඩුවෙල ප්‍රදේශයේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා නමැත්තා පැහැරගෙන ගොස් වෙඩි තැබීමට භාවිත කරනු ලැබූ යතුරුපැදියේ ලියාපදිංචි අංකයට අදාළ හිමිකරු සහ එම යතුරුපැදිය උකසට ගෙන භාවිත කරන ලද පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (17) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් කඩවත පොලිස් වසමේ දලුපිටිය, ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.
එහි දී 2024.01.10 වන දින නවගමුව පොලිස් වසමේ, ගලබඩවත්ත, කොරතොට, පදිංචි පීරිස් විතානගේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා යන පුද්ගලයා පැහැරගෙන ගොස් ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යොදාගන්නා ලද යතුරුපැදියේ ලියාපදිංචි අංකයට අදාළ විස්තර වාර්තාවට අනුව එම අංකයට අදාළ හිමිකරු සහ එම යතුරුපැදිය උකසට ගෙන භාවිත කරන ලද දෙවොලපොළ සහ කඩවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් සහ 45ක් වන පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නවගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු නවගමුව පොලිස් ස්ථානය සිදුකරයි.