Home » නොවැම්බරයට පෙර ඡන්දයක් පැවැත්විය යුතුයි

නොවැම්බරයට පෙර ඡන්දයක් පැවැත්විය යුතුයි

by mahesh
January 19, 2024 1:00 am 0 comment

කළුතර මධ්‍යම විශේෂ

මේ අවුරුද්දේ නොවැම්බර් මස 18 වැනි දිනට පෙර මැතිවරණයක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවත්, එය සියයට සීයක්ම ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මහ මැතිවරණයක් නොවන බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක, හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

හිටපු ඇමැතිවරයා මේ අදහස් පළ කළේ පසුගියදා (16) බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්, කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

“පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන්, බැසිල් රාජපක්ෂ මහතාගේ ජාතික සංවිධායකත්වයෙන් ගොඩනැඟුණු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ දේශපාලනය කරන අපි ඕනෑම මැතිවරණයකට සූදානම්.

අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රටේ ජනතාව සහ අනාගතය ගැන සිතා තීන්දු ගෙන වැඩ කරනවා. ඒකයි මම කිව්වේ, අපි අනිවාර්යයෙන්ම මේ මැතිවරණය දිනනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්තයා තමයි මුළු පක්ෂය වෙනුවෙන්ම රටේ හැමතැනම ගිහින් කතා කරන්නේ. කෑගහන්නේ. අත වනන්නේ. අත්පුඩි ගහන්නේ. එයා ඉතින් ඒ පක්ෂයේ වන් මෑන් ෂෝ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT