අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය 16 වැනිදා චාවකච්චේරි ප්‍රදේශයේ තල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කර ජීවත්වන ජනතාව හමු වී ඔවුන්ට පවතින ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත විය.
චාවකච්චේරි මොහාන්දාස් ජනතා මධ්‍යස්ථානයේ පැවති මේ සාකච්ඡාවේදී චාවකච්චේරි ජනතාවට අවශ්‍ය නීතිමය ලේඛන දීමට ජංගම සේවයක් පැවැත්වීම, තල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා තවදුරටත් පුහුණුව දීම, එම ජනතාවගේ තල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීම සහ ප්‍රදේශය හරහා ධාවනය වන බස් රථයේ ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම ආදී ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරිණි. තල් ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීමට මෙවර අය-වැයෙන් රුපියල් මිලියන 43ක් වෙන් කර ඇති බව මෙහිදී අනාවරණය විය.
ප්‍රදේශය හරහා ධාවනය වන බස් රථයේ ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම 2පිළිබඳ ගැටලුවට එම අවස්ථාවේම ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට දුරකතනයෙන් අමතා විසඳුම් දීමට අධිකරණ ඇමැතිවරයා කටයුතු කරන ලදි. සියලුම තල් කර්මාන්ත ආශ්‍රිත සමිති සම්බන්ධ කරමින් සංහිඳියාව පිළිබඳ විශේෂ වැඩසටහන් පවත්වන ලෙස ජාතික සමඟිය හා ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාල නිලධාරීන්ට ඇමැතිවරයා උපදෙස් දුන්නේය.
මේ අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති, නීතිඥ අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ, ජාතික සමඟිය හා ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කුෂාන්ත යන පතිරාජ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු එක් වූහ.