Saturday, April 19, 2025
Home » ඇතැම් නීති බලාත්මක කිරීමේ ප්‍රමාදයට හේතුව

ඇතැම් නීති බලාත්මක කිරීමේ ප්‍රමාදයට හේතුව

by chanaka
January 19, 2024 4:08 pm 0 comment

ශ්‍රී ලංකාවේ මහ බ්‍රිතාන්‍ය කොමසාරිස් Andrew Patrick මහතා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර හමුවක් අද (19) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

ශ්‍රී ලංකාවේ දැනට කෙරෙන නීති ප්‍රතිසංස්කරණ පිළිබඳවත් එම ප්‍රතිසංස්කරණ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට බලපාන ආකාරයත් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ශ්‍රී ලංකාවේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පුළුල් අවධානයක් යොමු කර ඇති බව පෙන්වා දුන් අධිකරණ ඇමතිවරයා මේ හේතුව මත ඇතැම් නීති බලාත්මක කිරීමද කිසියම් ප්‍රමාදයන්ට ලක් වී ඇති බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ සහාය නිරන්තරයෙන් ලබා දෙන බවද මහ කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT