Home » පලස්තීන රාජ්‍යයකට විරුද්ධයි – නෙතන්යාහු අමෙරිකාවට කෙලින්ම කියයි

පලස්තීන රාජ්‍යයකට විරුද්ධයි – නෙතන්යාහු අමෙරිකාවට කෙලින්ම කියයි

by chanaka
January 19, 2024 4:23 pm 0 comment

ගාසා තීරයේ ගැටුම් අවසන් වූ පසු පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට තමන් විරුද්ධ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අමෙරිකාවට ප්‍රකාශ කර තිබේ.

ඔහු අවධාරණය කරන්නේ, ගාසා තීරයේ මෙහෙයුම “සම්පූර්ණයෙන් ජයග්‍රහණය කරන තෙක්” ඉදිරියට ගෙන යන බවයි.

හමාස් සංවිධානය විනාශ කිරීම සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදස් කර ගැනීමට “තවත් මාස ගණනාවක්” ගත විය හැකි බව ඊශ්‍රායල අගමැතිවරයා පවසා ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 25,000කට ආසන්න පිරිසක් මිය ගොස් ගාසා තීරයේ සැලකියයුතු ජනගහනක් අවසන් වී ඇති බවයි.

මේ අතර, ගාසා තීරයට එල්ල ‍කෙරෙන ප්‍රහාර පාලනය කිරීමටත්, ගැටුම් නිමා කිරීමට අදාළ අර්ථවත් සාකච්ඡාවක නිරත වීමටත් ඊශ්‍රායලය වෙත දැඩි බලපෑම් එල්ල වෙමින් පවති.

අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ අනාගත පලස්තීන රාජ්‍යයක භූමි ප්‍රදේශය ඇතුළත් වන ජෝර්දාන ගඟට බටහිර දෙසින්වන සියලුම ඉඩම්වල ඊශ්‍රායල පාලනය තිබිය යුතු බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT