Home » පාකිස්තානය ‘එකට එක’ කරයි

පාකිස්තානය ‘එකට එක’ කරයි

ඉරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් 9ක් මරුට

by mahesh
January 19, 2024 1:00 am 0 comment

ඉරාන විප්ලවවාදී හමුදාව විසින් පසුගියදා පාකිස්තානයේ ගුවන් සීමාව ආක්‍රමණය කරමින් බලුකිස්තාන ප්‍රාන්තයේ ගම්මානයකට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් පාකිස්තානය ඉරාන දේශසීමාවට ඔබ්බෙන් පිහිටි පළාතකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බලුකිස්තානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම්වල නිරතවන ඉරාන ත්‍රස්තවාදීන් ඉලක්ක කරමින් මේ ප්‍රහාරය සිදු කළ බව පාකිස්තාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති අතර, එම ප්‍රහාරයෙන් සිවිල් පුද්ගලයන් 9 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ඉරානය නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

පාකිස්තාන මිසයිල ප්‍රහාරයෙන් දරුවන් සිව්දෙනකු සහ කාන්තාවන් තිදෙනකු මිය ගිය බවත්, ප්‍රහාරය පිළිබඳ නිදහසට කරුණු විමසීමට ටෙහ්රාන් අගනුවර පාකිස්තාන විදේශ සේවා ප්‍රධානියා කැඳවූ බවත් ඉරාන රජය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT