Home » හවුති ප්‍රහාරයට ලක් වූ අමෙරිකානු නෞකාවේ

හවුති ප්‍රහාරයට ලක් වූ අමෙරිකානු නෞකාවේ

කාර්ය මණ්ඩලය ඉන්දීය නාවික හමුදාවෙන් මුදාගනී

by mahesh
January 19, 2024 1:00 am 0 comment

හවුති ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වී විනාශ වූ අමෙරිකාවට අයත් වෙළඳ නෞකාවක කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගත් බව ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය බදාදා එම නෞකාවට හවුති ප්‍රහාරය එල්ල වී ඇත්තේ යේමනයේ හවුති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත අමෙරිකානු මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව බව ද වාර්තා වේ. හවුති කැරලිකරුවන්ගෙන් අඛණ්ඩව එල්ල වන මිසයිල ප්‍රහාර හේතුවෙන් රතු මුහුදේ නෞකා ගමනය මුළුමනින්ම අඩාළ වී ඇති අතර, එය ජාත්‍යන්තර අර්බුදයකට ලක්වනු ඇතැයි ලෝක ආර්ථික සමුළුව පසුගියදා අනතුරු අඟවා තිබිණී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT