ඔබ මෙවැනි ප්‍රසංගයක් පවත්වන්න අදහස් කළේ ඇයි?
මට මේ ප්‍රසංගය විශේෂිත ප්‍රසංගයක්. මම කලා ක්ෂේත්‍රයට ඇවිත් මේ වන විට අවුරුදු 40ක් වෙනවා. ඒ වගේම මේ ප්‍රසංගය මම පාදක කර ගත්තේ ජනවාරි 26 වෙනිදාට යෙදී තියෙන මගේ උපන්දිනයත් නිසායි. එදාටම මේ ප්‍රසංගය ගන්න හිතුවාට, නෙළුම් පොකුණ රඟහල 26දාට වෙන් වෙලා ඉවරයි. ඒ නිසා 21 වැනිදාට ප්‍රසංගය සූදානම් කළා. මේ ප්‍රසංගය පුරාම තියෙන්නේ එදා රසිකයන් විඳපු ගීත. නව නිර්මාණ ගීතත් ඒ අතරට එනවා. මෑත යුගයේ ජනප්‍රියත්වයට පත්වුණු, මිනිසුන් හැමදාමත් ප්‍රිය කරන ගීත 23ක් මේ ප්‍රසංගයේදී මම ගායනා කරනවා. ඒ නිසා මගේ පරණ සහ නව ගීත අහන්න 21 වැනිදාට මට ආදරේ කරන සියලුම දෙනාට 6.30ට නෙළුම් පොකුණ රඟහලට එන්න කියලා මම කියනවා. ප්‍රසංගය නැරඹීමට කැමති ඕනෑම කෙනෙකුට mytickets.lk හරහා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට අවස්ථාව තියෙනවා.
ගායන ලොවට පිවිසීමට ඔබට දොරගුළු විවර වෙන සන්ධිස්ථානය මොකක්ද?
ප්‍රදීපා ධර්මදාස නම් ශිල්පිනියට ගීත ගායනා කරන්නට පුළුවන් කියලා මිනිසුන් තේරුම් ගත්තේ වෙද හාමිනේ ටෙලිනාට්‍යයෙන්. වෙද හාමිනේ නම් නවක නිළියට නැත්නම්, රෙබෙකා නිළියට ජයන්ත චන්ද්‍රසිරි අලුත් හඬක් සොයමින් ඉන්න විට තමයි, කේමදාස මාස්ටර් මට ඒ අවස්ථාව සලසලා දුන්නේ. “දූවිල්ලෙන් සැදුණු ලියේ ” ප්‍රසංගය පැවැත්වූවා. එහිදී මාව රූපයෙන්වත් දැකලා නොතිබුණු මිනිස්සු මාව වැලඳ ගත්තේ ඒ ගීතයෙන්. 1993 ලක්ෂ්මන් විජේසේකරත්, මමත් “දූවිල්ලෙන් සැදුණු ලියේ “ගීත දොළහක් ඇතුළත් මුල්ම කැසට් පටය කළා. 1997 “සාවිත්‍රීගේ රාත්‍රිය චිත්‍රපටයේ ” තනි වූවා යැයි ගීතය වෙනුවෙන් මට සරසවි සම්මානය හිමි වුණා. සරසවිය සහ ජනාධිපති සම්මාන යන සම්මාන දෙකම මම ඒ අවුරුද්දේ ලැබුවා. චිත්‍රපටිවල පසුබිම් ගායනයට මට අවස්ථාව ලැබෙන්නේ සරත් වික්‍රමයන් නිසා. ඔහු ඒ කාලේ චිත්‍රපටි පසුබිම් සංගීතය සැපයු අධ්‍යක්ෂවරයෙක්. නිදි යහන කැලඹුණි, තහනම් ගහ, අරගලය, සාවිත්‍රීගේ රාත්‍රිය ඇතුළු සිනමාපට සමූහයකට ගායනයෙන් මම එකතු වුණා.
ඔබේ ඉදිරි කලා කටයුතු මොනවාද?
මේ වසර හතළියක් තුළ ගත වූ කාලය ගැන මට හිතුණු එක දෙයක් තමයි, මම ගොඩක් නිහඬ වෙලා හිටියා වැඩියි කියලා. අද ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටින යුගයක් වෙලා තියෙනවානේ. ඒත්, මම සමාජ මාධ්‍ය ඔස්සේ නිතර පෙනී සිටින කෙනෙක් නෙවෙයි. මේ ප්‍රසංගයෙන් පස්සේ මම හිතනවා, සුපෙම් හැඟුම් එක්ක රට වටාමත්, විදෙස් රටවලත් පවත්වන්න. නිර්මාණකරණයට පද රචකයන් මට හොඳ ගීත, තනු දුන්නේ නැත්නම් මේ නිර්මාණ අදටත් පවතින්නේ නෑ කියන එක මම කියන්න කැමතියි.
පාංශු ගැන කථිකාවතක්
ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ ‘පාංශු’ චිත්‍රපටය නොමිලයේ ප්‍රදර්ශනයක් හා ඒ පිළිබඳ පැවැත්වෙන කතිකාවතක් 20දා සවස 3.30ට හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය හා සංස්කෘතික මධ්‍යස්ථාන රැස්වීම් ශාලාවේදී පැවැත්වේ. විචාරක, නීතිඥ කුමාර ජයලත් ගුණරත්න, සමාජ ක්‍රියාකාරී, ගණකාධිකාරී සුරංජිත් රත්නායක, ප්‍රවීණ මාධ්‍යවේදී ස්වර්ණ ගුණවර්ධන දෙසුම් පවත්වන මෙදින මෙහෙයුම විචිත්‍ර වනිගනෙත්තිගෙනි.
මධුර යාමේ 19 වැනිදා
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයේ සිටි නැසීගිය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ආර්. මුත්තුසාමි මාස්ටර්ගේ විශේෂ සැමරුම් උත්සවය 19 වැනිදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී සිදු කිරීමට නියමිතය. එදින ආර්. මුත්තුසාමි මධුර ගීතාවලිය සමඟ ගුවන්විදුලි කලාගාරයේදී මුත්තුසාමි රුව ස්ථාපිත කිරීම ද සිදු කරනු ඇත. සංවිධායක කමිටුව විසින් මධුර ගීතාවලියට ප්‍රිය කරන ඔබ සියලු දෙනාට විවෘත ආරාධනයක් කරයි.
සසාර සමරුවට දිමුතු මුතු අහුරක් 2
අනුරාධපුර ප්‍රථම නාට්‍ය පාසල වන සසාරා නාට්‍ය පාසලට වසර විස්සක් සපිරීම නිමිත්තෙන් ඉදිරිපත් කළ “දිමුතු මුතු අහුරක් 2” පසුගියදා අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවැත්වුණි. මේ සඳහා ප්‍රවීණ කලාකරුවන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහභාගී විය. 2004 වර්ෂයේදී ප්‍රවීණ රංගන ශිල්පී දිමුතු චින්තක ඇතුළු වන්නිය වේදිකාවේ සාමාජිකයන් විසින් ආරම්භ කළ සසාර නාට්‍ය පාසල සහ එහි සක්‍රීය කටයුතු සඳහා ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි, රංගන ශිල්පී සනත් විමලසිරි, රංගන ශිල්පී ජගත් චමිල, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංගන ශිල්පී ගාමිණි ජයලත් ඇතුළු පිරිසක් දායකත්වය ලබා දී තිබේ. මෙම රංගන පාසලෙන් බිහිවූ සිසු සිසුවියන් රැසක් කලා ක්ෂේත්‍රයේ දස්කම් දක්වමින් සිටිති.
මෙම නාට්‍ය පාසලට විසි වසරක් පිරීම නිමිත්තෙන් උත්සවයක් පසුගියදා පැවැති අතර, මේ සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර ඇතුළු කලාකරුවන් ඇතුළු රැසක් එක්ව සිටියහ.
වසන්තයේ ස්වර ගී දැහැන
විමුක්ති සිහිලැල් ඉදිරිපත් කිරීමක් වන “වසන්තයේ ස්වර ගී දැහැන ප්‍රසංගය” එළඹෙන 20 වැනිදා කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ලිත කලා වාද්‍ය විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ ත්‍රී තාල් වාද්‍යය වෘන්දය සංගීතයට උමාරියා සිංහවංශ හා දමිත් අසංක එදින ගීතවත් වෙති. කථනය ප්‍රවීණ ගුවන්විදුලි රූපවාහිනී නිවේදක වසන්ත රෝහණගෙනි.
හන්තානයට සඳ රට වටා
ප්‍රවීණ ගායන ශිල්පී විශාරද අමරසිරි පීරිස්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය”හන්තානයට සඳ “2024 වසරේ ජනවාරි මාසයේ සිට රට වටා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ලලිත කලා වාද්‍ය විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ ත්‍රී තාල් වාද්‍ය වෘන්දය සංගීතය සපයන අතර ප්‍රවීණ ගුවන්විදුලි හා රූපවාහිනි නිවේදක වසන්ත රෝහණ මෙහෙයවීම යටතේ මෙන්ම ප්‍රසංගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
පැදුරු ගී සැඳෑව මහරගම දී
කලා ශිල්පි අමිල සාමන්ත (ශානි) සංවිධානය කරනු ලබන පැදුරු ගී සැදෑව ජනවාරි මස 24 වන දින සවස 6.00 සිට මහරගම සොම්රෝ උත්සව ශාලාවේදි පැවැත්වේ .
තිළිණ තුෂාර වෙල්ලාලගේ ප්‍රමුඛ ගුවන්විදුලි වාදක මඬුල්ල සංගිතය සපයන අතර රෝහණ බෝගොඩ,චමිලා තුෂාරි,ගයාන් ගුණවර්ධන ,ඉෂාක් බෙග් ,ප්‍රියංකර පෙරේරා,GD ප්‍රේමරත්න ,අමිල ශාමන්ත,පාලිත රොද්රිගෝ ඇතුළු කලා ශිල්පීන් රැසක් සහභාගි විමට නියමිතය. කථනය අනුර සිරිවංශ විසිනි.
කේමදාස ජන්ම දිනයට ඔපෙරා වැඩමුළුවක්
ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ 86 වැනි ජන්ම දිනය නිමිති කොටගෙන මෙරට සංගීතය හදාරන සිසු සිසුවියන්ට ඔපෙරා සංගීත වැඩමුළුවක් එළඹෙන 21 වැනි දා පැවැත්වීමට ඔහුගේ දියණිය වන සම්මානිත සංගීත අධ්‍යක්ෂවරියක් වන ගයාත්‍රී කේමදාස ඇතුළු කේමදාස පදනම විසින් කටයුතු යොදා තිබේ. චීනයේ ප්‍රවීණ සංගීතඥයෙකු හා අධ්‍යක්‍ෂවරයකු හා ගායකයකු වන මහාචාර්ය” යාන් මීන් තාඕ”සමඟ විදු මින්දුල ද සිල්වා එක්ව මෙම ඔපෙරා වැඩමුළුව පවත්වයි. වැඩමුළුවට සම්බන්ධ වෙන්න කැමති සිසුන් සිසුවියන් හට කේමදාස පදනම හරහා වැඩි විස්තර දැන ගත හැකිය.
මරදානේදි වන්දි ගෙවයි
චන්දන රාමනායකගේ ‘වන්දි ගෙවීම’ වේදිකා නාට්‍යය ජනවාරි 20 සවස 6ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙයි. මෙය අභාවප්‍රාප්ත ආර්. පී. රංජිත් මහතාගේ නිර්මාණයක් වන අතර, මෙහි නිෂ්පාදනය එරංගා පෙරේරා විසින් සිදු කර තිබේ.
සඳමිණි රණසිංහ අයිස් කිලර් 20 වනදා
ශිරාන් පීරිස්, සුජීව සමන්, රොෂාන් කදුරුවාන, චින්තක පතිරණ, රෝමා රෝසි, අනූෂා හෙලන් නිරන්ජලා, ප්‍රියන්ජිත් බණ්ඩාර, ඔමල්ෂ ටිෂාන්, මෙලනි පෙරේරා ඇතුළු තවත් රංගන ශිල්පීන් රැසක් රඟන “අයිස් කිලර්”වේදිකා නාට්‍යය 20 වැනිදා එල්ෆිස්ටන් රඟහලේදී පස්වරු 3.30ට වේදිකාගත වේ. පස්වන දර්ශනය ලෙස මෙය වේදිකාගත වීමට නියමිතය.
ගිනි අවි සහ ගිනි කෙළි 2 වැඩ අරඹයි
ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය සිනමා අධ්‍යක්ෂණයක් වන”ගිනි අවි සහ ගිනි කෙළි සිනමා පටයේ දෙවෙනි කොටස වසර 25කට පසු නැවත රූපගත කිරීම් පසුගිය දින ඇරඹිණි.
තිර රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, උදය කාන්ත වර්ණසූරිය විසිනි. සත්‍ය සිදුවීම් අළලා ප්‍රවීණ මාධ්‍යවේදී අනුර හොරේෂස් විසින් රචනා කර ඇත. මෙය උදයකාන්ත වර්ණසූරියගේ 28වැනි සිනමා පටයයි.
බල්ලොත් එක්ක බෑ 2 බොරැල්ලේ දී
රවීන්ද්‍ර ආරියරත්නගේ නාට්‍ය නිර්මාණයක් වන ‘බල්ලොත් එක්ක බෑ 2’ ජනවාරි 21 වැනිදා සවස 3.30ට සහ 6.30ට බොරැල්ල YMBA ශාලාවේදී වේදිකාගත වෙයි. ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, අජිත් ලොකුගේ, චින්තක පීරිස් මෙහි රංගනයෙන් දායක වෙති. මෙහි සංගීතය ඇන්තනී සුරේන්ද්‍රගෙනි.
ඉල්ලන් කෑවා හංවැල්ලේ දී
සුනිල් ශ්‍රී නාට්‍යය නිර්මාණයක් වන “ඉල්ලන් කෑවා” නාට්‍යය එළඹෙන 21 වැනිදා හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී සවස වේදිකාගත කෙරේ. රජිත හිරාන් (පිං පොං) සංජනා පීරිස්, නන්දන හෙට්ටිආරච්චි, ශිරෝමිකා ප්‍රනාන්දු, සුනිල් ශ්‍රී රොමේෂ් සංජේ රංගනයෙන් දායක වෙති.
මැඩම් යම LAW මාතලේ එයිි
මැඩම් යම LAW “අනූෂා දිල්හානි නාට්‍ය නිර්මාණයක් වන අතර රසාංජ ප්‍රසාද් සිල්වාගේ නිෂ්පාදනයකි. “මැඩම් යම LAW “ජනවාරි 21 වැනිදා සවස දර්ශන වාර දෙකක් මාතලේ හොටෙල් ලිස්කූල් ශාලාවේදී වේදිකාගත කෙරේ.
සසර බන්ධන දෙරණින්
සුනන්ද සිල්වා විසින් තිර රචනය සහ නිෂ්පාදනය කරන ලද අනූෂ සංජීව ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කරන ලද “සසර බන්ධන” ටෙලි චිත්‍රපටය එළඹෙන 25 දින දහවල් 12.30 දෙරණ නාළිකාව ඔස්සේ විකාශනය කෙරේ.