Monday, April 21, 2025
Home » පුපුරණ ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

by yasara
January 19, 2024 5:00 pm 0 comment

පොලිස් මාර්ග බාධකයේ යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් මගී බස් රථයක් අද ( 19) පෙරවරු 11.45 ට පමණ පරික්ෂාවේදී  එහි ගමන් ගත් කාන්තාවක් සන්තකයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි වු බව කොටවෙහෙර පොලීසිය ප්‍රකාශ කරයි.

කොටවෙහෙර පොලිස් වසමේ පලුගස් හංදිය පොලිස් මාර්ග රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරික්ෂක වන්නිනායක ඇතුලු පොලිස් කණ්ඩායම මෙම පුද්ගලික බස් රථය පරික්ෂා කිරීමේදී  එහි ගමන් ගත්  කාන්තාව සතු පාර්සලයේ තිබී ඇමෝනියම් ග්‍රෑම් 605 ක්, වෙඩි බෙහෙත්  ග්‍රෑම් 165 ක්, විදුලි නූල් ඩෙටනේටර් දෙකක්, රතු පැහැති සේවා නූල් අඩි දහයක ප්‍රමාණයක්, විදෙස්  රටක සිගරට්  විස්සකින් යුත් පැකට් එකක්  හමු වී තිබේ.

ඒවා රැගෙන යන්නේ කුමන කාරණාවක් සදහා ද යන්න නිසි ලෙසට පැවසීමට අපොහොසත් වු  ගුරුදෙණිය, හාරගම, බෝ සෙවන මාවතේ පදිංචි කාන්තාවක් සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය සමගින්  සැකකාරිය නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය පිළිබදව කොටවෙහෙර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT