Home » තවත් පවුල් ලක්ෂ තුනක් අලුතෙන් අස්වැසුමට

තවත් පවුල් ලක්ෂ තුනක් අලුතෙන් අස්වැසුමට

by chanaka
January 18, 2024 4:29 pm 0 comment

අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ විරෝධතා සහ අභියාචනා 640,000ක් සලකා බැලීමෙන් අනතුරුව අලුත්තෙන් ලක්ෂ 300,000ක පවුල් සංඛ්‍යාවක් අලුතෙන් අස්වැසුමට ඇතුළත් කර ගැනීමට සුදුසුකම් ලබා ඇතැයි වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මීළග වාරික මුදල ලබා දීමට පෙර අලුතෙන් තේරී පත් වූ පවුල් වෙත ජූලි මස සිට දෙසැම්බර් මාසය දක්වා වූ වාරික හැකි ඉක්මණින් බැංකු වෙත මුදා හැරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අභියාචනා සහ විරෝධතා හේතුවෙන් මෙතෙක් අස්වැසුම ලබමින් සිටි පවුල් 5,209ක් නුසුදුස්සන් බවට පත්ව ඇති අතර තවත් පවුල 2,567ක් තමන් ප්‍රතිලාභ ලබමින් සිටි මට්ටමෙන් පහළට ගමන් කර තිබේ. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තවත් 50,882ක පිරිසක් සිය ප්‍රතිලාභ මට්ටමේ ඉහළට ගමන් කර ඇති බවයි. ලක්ෂ 11කට ආසන්න අභියාචනා සහ විරෝධතා ප්‍රමාණයක් ලැබී තිබූ අතර හැකි ඉක්මණින් ඒවා සලකා බැලීම අවසන් කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සමග අද(18) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT