Monday, April 21, 2025
Home » රාජ්‍ය සේවකයින්ට වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවිඩයක්

රාජ්‍ය සේවකයින්ට වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවිඩයක්

by chanaka
January 18, 2024 4:12 pm 0 comment

2024 අයවැය මඟින් රාජ්‍ය සේවකයින් සඳහා යෝජිත රුපියල් 10,000ක වැටුප් වැඩිවීමේ පළමු අදියර ලෙස රුපියල් 5,000ක දීමනාවට අදාළ මුදල් භාණ්ඩාගාරය මඟින් නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ දැනට රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 95ක පමණ මුදලක් වැය වන බවයි.

එමෙන්ම, ජනවාරි මස සිට එම මුදල් තවත් රුපියල් බිලියන 7කින් ඉහළ යන අතර අප්‍රේල් මස සිට යෝජිත රුපියල් 10,000ක වැටුප් වැඩිවීමෙන් පසුව අතිරේකව රුපියල් බිලියන 14ක් පමණ රජයට වැය වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මුදල් මුද්‍රණය සහ ණය ගැනීම නවතා ඇති තත්ත්වයක් තුළ, වියදම් කළමනාකරණය කිරීම තුළින් පමණක් අදාළ මුදල ඉතිරි ගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT