Tuesday, April 8, 2025
Home » වසර මිලියන 70 ක් පැරණි ඩයිනෝසර ෆොසිලයක් සොයා ගත් ඔස්ට්‍රේලියා ශිෂ්‍යයා

වසර මිලියන 70 ක් පැරණි ඩයිනෝසර ෆොසිලයක් සොයා ගත් ඔස්ට්‍රේලියා ශිෂ්‍යයා

by chanaka
January 16, 2024 12:28 pm 0 comment

වසර මිලියන 70 ක් පැරණි ඩයිනෝසර ෆොසිලයක් සොයා ගැනීමට ඔස්ට්‍රේලියා ශිෂ්‍යයෙක් දායක වී තිබේ.

University of New England හි ආචාර්ය උපාධිය හදාරන නාදන් එන්රික්ස් මොංගෝලියාවේ ගෝබි කාන්තාරයේ සති තුනක කාලයක් පරීක්ෂණවල නිරතව ඇත.

එහිදී වසර මිලියන 70 ක් පමණ පැරණි ෆොසිලයක් සොයා ගැනීමට ඔහු ඇතුළු කණ්ඩායමට හැකි වූ අතර එය නෙමටොසෝරස් විශේෂයට අයත් බව වාර්තා වේ.

නෙමටොසෝරස් ෆොසිලයක් මීට පෙර සොයාගෙන තිබුණේ 1970 ගණන්වලදී පෝලන්ත කණ්ඩායමක් විසිනි.

ඩයිනෝසර ෆොසිල විශාල වශයෙන් තැන්පත්ව තිබෙන ගෝබි කාන්තාරයේ කැණීම්වලට එක්වීමට හැකිවීම ජීවිතයේ අතිශය වැදගත් අවස්ථාවක් බව නාදන් එන්රික්ස් පවසයි. මොවුන්ගේ කණ්ඩායම ඩයිනොසෝරයාගේ වළලුකර, කකුල, පැටවා සහ ඇඟිලිවල අස්ථි කැණීමට සමත් ව තිබේ.

මෙම ඇටකටු මොන්ගෝලියානු පාෂාණ විද්‍යා මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් ඇති අතර, ඉදිරි වසරවලදී ඒවා අධ්‍යයනය කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT