Tuesday, April 8, 2025
Home » බණ්ඩාරවෙල බදුල්ල මාර්ගය විවෘත යළි විවෘත‌ කෙරේ

බණ්ඩාරවෙල බදුල්ල මාර්ගය විවෘත යළි විවෘත‌ කෙරේ

by yasara
January 16, 2024 12:16 pm 0 comment

පසුගිය  9 දින කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ දී නායයාමට ලක් වීම නිසා වසා දමා තිබු බදුල්ල  බණ්ඩාරවෙල අතර මාර්ගය සතියකට පසුව අද (16) දින පෙරවරු සිට යලි විවෘත කල බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රි ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය , මාර්ග සංවර්ධන අධිකාරිය  ,පොලිසියට අයත් නිලධාරීන් විසින් ඒකාබද්ධව අද (16)  නාය යාමට ලක්ව  වසා දමා තිබූ   උඩුවර 7 කණුව ප්‍රදේශයට ගොස් එම ස්ථානයේ සිදුකල  ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව රථ වාහන ධාවනය සදහා එම ස්ථානයේ මාර්ගය සුදුසු බවට  පෙනී ගිය බැවින්  මාර්ගය මෙසේ සතියකට පසු යලි විවෘත කරනු ලැබූ බවද දිස්ත්‍රික් ලේකම් වරයා තවදුරටත් සදහන් කලේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT