Saturday, April 19, 2025
Home » ලමිචනේ වසර 8ක් හිරේ

ලමිචනේ වසර 8ක් හිරේ

by mahesh
January 12, 2024 12:58 am 0 comment

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සන්දීප් ලමිචනේට වසර 8ක සිරදඬුවමක් ලබාදීමට එරට අධිකරණය නියෝග කර තිබේ.

2022 වසරේ අගෝස්තු 21 වැනිදා 18 හැවිරිදි තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වූ අතර, නඩු විභාගයෙන් අනතුරුව කත්මන්ඩු දිස්ත්‍රික් අධිකරණය විසින් පසුගිය 29 වැනිදා ඔහු වරදකරු බවට තීන්දු කෙරිණි. අනතුරුව පසුගියදා (10) මේ දඬුවම ලබාදී ඇති අතර, සිරදඬුවමට අමතරව ඔහුට නේපාල මුදලින් රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් ද නියම කර ඇත. එමෙන්ම වින්දිතයාට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT