Home » විවෘත ඉතාලි රන් කුසලාන එල්ලේ හෙට ඇරඹේ

විවෘත ඉතාලි රන් කුසලාන එල්ලේ හෙට ඇරඹේ

by mahesh
January 12, 2024 12:58 am 0 comment

කාණ්ඩ 8ක් යටතේ කණ්ඩායම් 256ක් සහභාගි වන දැවැන්ත එල්ලේ තරගාවලියක් හෙට (13) ජොසිටාවත්ත රශ්මි ක්‍රීඩා පිටියේදී ආරම්භවේ. ශූරයන්ට මුදලින් රුපියල් ලක්ෂ 3ක් සහ කුසලානය ද, අනුශූරයන්ට රුපියල් ලක්ෂ 3ක් සහ අනුශූරතාව ද පිරිනැමෙන සමස්ත ලංකා විවෘත එල්ලේ තරගාවලිය ඉතාලියේ රැකියාවේ නිරතව සිටින ප්‍රනීත් ශානක කොළඹගේ මහතා ඇතුළු මිතුරු මිතුරියන්ගේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන බව තරගාවලියේ සම්බන්ධිකාරක අසංක ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන කුසලානය ඉතාලියෙන් ආනයනය කරනු ලැබූ අඩි 10ක් උසැති රන් කුසලානයක් බව ද සම්බන්ධිකාරකවරයා සඳහන් කර තිබේ.

මේ තරගාවලියේ තුන්වැනි හා සිව්වැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම්වලට රුපියල් ලක්ෂයක් සහ පනස්දහසක් බැගින් මුදල් තෑගි පිරිනැමෙන බවත්, සමස්ත තරගාවලියේ මුදල් ත්‍යාග සහ සංවිධායක කටයුතු සඳහා මිලියන 5කට අධික මුදලක් වැය වන බවත් සංවිධායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. තරගාවලියේ අවසන් මහා තරගය ලබන 25 වැනිදා වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT