359
නයන වාසලතිලක මහතා අද (12) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මේ සතිය මුලදී බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එලෙස නයන වාසලතිලක මහතා පත්කර ගැනුණි.
2020 මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 31,307ක් ලබා ගත් වාසලතිලක මහතා සමගි ජනබල වේගයේ මනාප ලැයිස්තුවේ චමින්ද විජේසිරි මහතාට පසුව සිටියේය.