ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා විද්‍යුත් කාඩ්පතක් හඳුන්වා දීම ඉදිරි මාස දෙක තුළ සිදු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එහි කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර, ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම නිසා ලංගමට ලැබිය යුතු මුදල් නොලැබී යාමත් දක්නට ඇති බවද ඇමැතිවරයා කීය. මෙම කාඩ්පත හඳුන්වා දීම තුළින් එය මඟහැරී යනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඒ බව පැවසීය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දෛනිකව රුපියල් මිලියන 148ක ආදායමක් ලබන අතර, දෛනිකව ධාවනය කරන දුර ප්‍රමාණය කිලෝමීටර් මිලියන 1.23කි. ඒ සඳහා ඉන්ධන ලීටර් 330841ක් අවශ්‍ය වේ. ඊට දෛනිකව වැය වන මුදල රුපියල් මිලියන 117.7ක් බවද ඇමැතිවරයා කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.
ලංකා ගමනාගමන මණ්ඩලය දිනකට මිලියන 148ක ආදායමක් ලබනවා. අපගේ බස් රථ ඇණිය දවසකට ධාවනය වන කිලෝ මීටර් ප්‍රමාණය මිලියන 1.23ක්. දවසකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලීටර් තුන් ලක්ෂ තිස්දහස් අටසිය තිස් එකක්. ඉන්ධන සඳහා වැය වන මුදල මිලියන 117.7ක්. දෛනික වාර්තාව මෙයයි.