Sunday, April 20, 2025
Home » වැටුපට 5000 එකතු වීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

වැටුපට 5000 එකතු වීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

by mahesh
January 12, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

අය වැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව සහ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් අය කිරීම සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මඟින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත පෙරේදා (10) අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර 2024 අය වැය යෝජනාවට අනුව ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රජයේ නිලධාරින්ගේ ජීවන වියදම් දීමනාව වැඩි කළ යුතු ආකාරය එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත.

මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය තෙක් දැනට මසකට රාජ්‍ය සේවකයකු සඳහා ගෙවනු ලබන රුපියල් 7,800ක ජීවන වියදම් දීමනාවට රුපියල් 5,000ක් එකතු කර රුපියල් 12,800ක් ගෙවිය යුතු අතර අප්‍රේල් මාසයේ සිට රුපියල් 12,800ක ජීවන වියදම් දීමනාවට රුපියල් 5,000ක් එකතු කර රුපියල් 17,800ක් ගෙවිය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT