Home » යාපනයේ පුස්තකාලය ඇතුළු සංවර්ධන වැඩ රැසක් මේ වසරේ අරඹනවා

යාපනයේ පුස්තකාලය ඇතුළු සංවර්ධන වැඩ රැසක් මේ වසරේ අරඹනවා

by mahesh
January 12, 2024 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

කැනේඩියානු රජයෙන් යාපනය පුස්තකාලය සංවර්ධනය කිරීම ඇතුළුව තවත් සංවර්ධන කටයුතු රැසක් මේ වසරේ ආරම්භ කරන බව ශ්‍රී ලංකාවේ සිටින කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා ප්‍රකාශ කළේය.

කැනේඩියානු මහ කොමසාරිස්වරයා මේ බව පැවැසුවේ යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර පී. එම්. එස්. චාර්ල්ස් මහත්මිය හමුවීමෙන් පසුවයි.

එහිදී අදහස් දැක්වූ කැනේඩියානු මහ කොමසාරිස්වරයා මෙලෙස ද කීවේය.

“ශ්‍රී ලංකා රජයෙන් උතුරේ සිදු කිරීමට සැලසුම් කර ඇති හරිත බලශක්ති ව්‍යාපෘති, ආර්ථික සංවර්ධන ව්‍යාපෘති, නැවත පදිංචි කිරීම් ඇතුළු සංවර්ධන වැඩසටහන් පිළිබඳව රජයට ප්‍රශංසා කරනවා. එවැනි වැඩසටහන්වලට කැනේඩියානු රජයෙන් දිය හැකි පූර්ණ සහාය දීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම මේ සංචාරයේ එක් අරමුණක්.”

මෙහිදී අදහස් පළ කළ උතුරු පළාත් ආණ්ඩුකාරවරිය මෙලෙස ද පැවැසුවාය.

“කැනඩාවේ බොහෝ ආයෝජකයන් උතුරේ ආයෝජනය කිරීමට උනන්දු වීම පිළිබඳව මම සතුටට පත් වෙනවා. ඉදිරියටත් ද්වි-පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගත යුතුයි. ආර්ථීකය පිළිබඳ වූ කොමිෂන් සභාව රටේ ස්ථාපිත කිරීමෙන් පසු ආයෝජන සිදු කිරීමේදී මතුව ඇති ගැටලුවලට විසඳුම් ගැනීමට හැකියාව ලැබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT