Monday, April 21, 2025
Home » ජගත් ආරක්ෂක මණ්ඩලය රතු මුහුදේ හවුති ප්‍රහාර තරයේ හෙළාදකී

ජගත් ආරක්ෂක මණ්ඩලය රතු මුහුදේ හවුති ප්‍රහාර තරයේ හෙළාදකී

by chanaka
January 12, 2024 9:29 am 0 comment

රතු මුහුදේ වෙළඳ යාත්‍රාවලට හවුති කැරලිකරුවන් එල්ල කරන ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙළාදකී. ඒ සම්බන්ධයෙන් යෝජනාවක් ද 10 වැනිදා සම්මත කරනු ලැබීය.

ඉකුත් නොවැම්බර් 19 වැනිදා කාර්ය මණ්ඩලයට පහර දී Galaxy Leader නෞකාව පැහැරගත් හවුති කැරලිකරුවන් මේ දක්වාම රතු මුහුදේ යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීම ජගත් ආරක්ෂක මණ්ඩලය එම යෝජනාව මගින් තරයේ හෙළාදැක ඇත.

ගෝලීය වෙළඳ කටයුතුවලට බාධා පමුණුවමින් නාවික අයිතිවාසිකම් හා නිදහස මෙන්ම කලාපීය සාමය සහ ආරක්ෂාවට බරපතල බලපෑම් එල්ල කරන එවැනි ප්‍රහාර සියල්ලම වහා නවත්වන ලෙස හවුති කැරලිකරුවන්ගෙන් ඉල්ලා සිටින ආරක්ෂක මණ්ඩලය Galaxy Leader නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය කඩිනමින් නිදහස් කරන ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා ඇත.

මෙවැනි ප්‍රහාරවලින් තම යාත්‍රා ආරක්ෂා කරගැනීමට ජාත්‍යන්තර නීති ප්‍රකාරව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට ඇති අයිතිය කෙරෙහි ද මෙහිදී අවධානය යොමුකර තිබේ. එසේම, කලාපීය ආතතීන්ට බලපාන ගැටුම් සහ සමුද්‍රීය ආරක්ෂාව අඩාල කිරීම ඇතුළු තත්ත්වයන්ට කඩිනම් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව ද මෙම යෝජනාව අවධාරණය කරයි.

රතු මුහුදේ සහ එම කලාපයේ තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වළක්වා ගැනීම සඳහා සංයමයෙන් ක්‍රියා කරන ලෙස ද ආරක්ෂක මණ්ඩලය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT