413
සෝමාලියාවේ අල් සබාබ් ත්‍රස්ත සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් හෙලිකොප්ටරයක් පැහැර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම හෙලිකොප්ටරයේ සිටි නියමුවන් ඇතුළු මගීන් අටදෙනකු ද එම සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ බවත් වැඩිදුරටත් වාර්තා වේ. විදේශිකයන් සමඟ සෝමාලියානු ජාතිකයන් දෙදෙනකු හෙලිකොප්ටරයේ සිටි බව සෝමාලියාවේ හමුදා ප්‍රකාශක සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.