Monday, April 21, 2025
Home » විදුලි බිල අඩුකරන ක්‍රමවේදය කොමිසමට

විදුලි බිල අඩුකරන ක්‍රමවේදය කොමිසමට

by chanaka
January 12, 2024 12:22 pm 0 comment

ජනතාවට විදුලි බිලේ සහනයක් ලබාදීමේ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට අද (12) භාරදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ මේ වනවිට එහි සියලු කටයුතු සූදානම් කර ඇති බවය.

“විදුලි බිල හරහා දෙන්න පුළුවන් උපරිම සහනය ජනතාවට ලබාදෙන්න කටයුතු කරනවා. හැමෝම කතා කරන්නේ ඒකක 0 – 30, 0 – 60 සහ 0- 90 අතර ජනතාව ගැන. ඉතාමත්ම අඩු මට්ටමේ තමයි ඒ අයගේ ජීවන තත්ත්වය තියෙන්නේ. අනිවාර්යයෙන්ම මෙහි ප්‍රධාන වාසිය ඒ පරාසය තුළ සිටින අඩු ආදායම් ලබන ජනතාවට ලැබෙයි.” යනුවෙන් නොයෙල් ප්‍රියන්ත මහතා කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT