211
ගතවූ පැය 24 තුළදිවයින පුරා කළ යුක්තිය විශේෂ මෙහෙයුමෙන් සැකකරුවන් 863ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එහිදී හෙරොයින් ග්‍රෑම් 303ක් ,අයිස් ග්‍රෑම් 141ක් , ගංජා කිලෝ 10ක් සහ මත්පෙති 1,250ක් නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්ය.
මෙහෙයුමේදී මුලු සැකකරුවන් 863 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 24 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 39 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.