Home » හවුති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ගුවනින් දැවැන්ත ප්‍රහාර

හවුති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ගුවනින් දැවැන්ත ප්‍රහාර

by chanaka
January 12, 2024 9:13 am 0 comment

යේමනයේ හවුති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

රතු මුහුදේ වෙළෙඳ නෞකාවලට හවුති කැරලිකරුවන් එල්ල කරන ප්‍රහාර මැඩපැවත්වීමේ අරමුණින් එම ප්‍රහාර දියත් කර ඇත.

හවුතිවරුන් විසින් භාවිතා කරන ලද ස්ථාන12කට වඩා සංඛ්‍යාවකට පලමුවෙන් යුද නෞකාවක සිට ප්‍රහාර එල්ල කර ඇති අතර අනතුරුව මිසයිල සහ ප්‍රහාරක ජෙට් යානා භාවිතා කරමින් දැවැන්ත ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව යේමනයේ අගනුවර වන සානා වෙතද ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. මීට අමතරව හවුති කැරලිකරුවන්ගේ රතු මුහුදේ බලකොටුව වන හුඩයිඩා වරායට ප්‍රහාර එල්ල කර ඇති බවත් සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හවුති සැපයුම් මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂක පද්ධති සහ අවි ගබඩා ඉලක්කවලට ඇතුළත් බවයි.

කෙසේ නමුත්, මෙම දැවැන්ත ප්‍රහාරවලින් සිදු වූ දේපොළ හෝ ජීවිත හානි පිළිබඳ මේ වන තෙක් වාර්තා වන්නේ නොමැත.

පසුගිය නොවැම්බර් 19 වැනිදා සිට හවුති කැරලිකරුවන් රතු මුහුදේ නෞකා 27කට පමණ ප්‍රහාර එල්ල කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT