Home » වනිඳු සහ කුසල් සිම්බාබ්වේ පිළ දණගස්සවයි

වනිඳු සහ කුසල් සිම්බාබ්වේ පිළ දණගස්සවයි

by chanaka
January 12, 2024 8:28 am 0 comment

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ(11) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව 2-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තෙවන එක්දින තරගය ඊයේ (11) කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර වර්ෂාව හේතුවෙන් අවස්ථා කිහිපයකදී, තරගය තාවකාලිකව නතර කිරීමට ද සිදුවිය. වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 27කට සීමාවිය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 22යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 96ක් පමණි. අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග තම එක්දින දිවියේ සාර්ථකම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 19කට කඩුලු 07ක් බිඳදැමීය.

ලකුණු 97ක ඉලක්කයක් සමගින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය ජය ගැනීමට සමත් විය. නායක කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 66යි.

ඒ අනුව 2-0 ලෙසින් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

තරගාවලියේ වීරයා ලෙස නවක ක්‍රීඩක ජනිත් ලියනගේ නම් කළ අතර ඊයේ (11) තරගයේ වීරයා ලෙස වනිදු හසරංග නම් කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT